අයහපත් කාලගුණයත් සමඟ මහවැලි ජලකඳ දරාගැනීමට නොහැකි වීමෙන් ස්ථාන කීපයකින් කැඩී ගිය මාවිල්ආරු අමුණේ බැම්ම යළි සකස් කිරීම ඊසාන දිග මෝසම් වර්ෂාව අවසන් වන තෙක් බලා සිටීමට සිදුවනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මාවිල්ආරු අමුණට ළඟාවන මාර්ගය තවමත් ජලයෙන් පිරී පවතින අතර ජලය බැස ගිය පසු හානියට පත් බැම්මේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කර හානිය තක්සේරු කිරීමට බලාපොරොත්තු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු කේ. සුබ්‍රමණියම් පැවසුවේය.
මෙම ජල ගැලීම්වලින් සේරුනුවර ගංවතුර ආරක්ෂණ වේල්ලේ නීලපොළ හා දෙහිවත්ත ප්‍රදේශවලින් ජලය පිටාර ගැලීම නිසා සිදුවූ හානිය මෙන්ම කන්තලේ සූරියපුර ගංවතුර ආරක්ෂණ වේල්ල කැඩී යෑම නිසා සිදුවූ හානිය ද තක්සේරු කිරීමට නියමිත බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසිය.

