හානි අවම කරගැනීමට බැරි වීම ගැන විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි

හානි අවම කරගැනීමට බැරි වීම ගැන විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි

හදිසි ආපදා තත්ත්වයෙන් රටට සිදු වූ දැවැන්ත හානිය අවම කර ගැනීමට නොහැකි වූයේ කෙසේ ද යන්න සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත් කරන ලෙස විපක්ෂය විසින් කතානායක ජගත් වික්‍රමරත්නගෙන් ඊයේ (දෙසැ. 3) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරන ලදී.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රිවරයා පැවසුවේ, නොවැම්බර් 11 වන දා මෙම හදිසි ආපදාව පිළිබඳව කල් ඇතුව දැනුම් දී තිබියදීත් එය අවම කර ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළේ කවුද යන්න සොයා බැලීමට පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙන බව ය.

මෙරට පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය පවා මෙම ව්‍යසනය පිළිබඳව දැනුම් දී තිබියදීත් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තවම නිල නිවේදනයක් ප්‍රකාශයට පත් කර නොමැති බව ත් ඒ අනුව මෙහි වරද කාගේද කියා සොයා බැලීම ජනතාව සතු අයිතියක් බව ත් පැවැසූ මන්ත්‍රිවරයා සඳහන් කළේ, මෙම අනතුරු ඇඟවීම, අනාවැකිය දැනගත් පසු නිලධාරීන් විසින් ආණ්ඩුවට එය දැනුම් දුන්නා ද එසේ නැති නම් අදාළ නිලධාරීන් ආණ්ඩුවට නොකියා සිටියා ද එසේත් නැති නම් නිලධාරීන් ආණ්ඩුවට එය දැනුම් දුන් පසුව ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගත්තා ද යන කාරණා පිළිබඳව සොයා බැලිය යුතු බව ය.

( mawbima | අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න