බිත්තර හිගයක් අත ළඟයි

බිත්තර හිගයක් අත ළඟයි

ශ්‍රී ලංකාවට බලපෑ සුළි කුණාටු සහ ගංවතුර ආපදා තත්වයට යටතේ ශ්‍රී ලංකාව පුරා බිත්තර දමන කිකිළියන් ලක්ෂ 30 ක් මරණයට පත් වී ඇති බවත්, එනිසා බිත්තර මිළ දැනටමත් ඉහල ගොස් ඇති බවත්, මෙම පසුබිම යටතේ රට පුරා බිත්තර හිගයක් නිර්මාණය විය හැකි නිසා රජයට මේ ගැන අවධානය යොමු කරවීමට මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන බවත් සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන 12/04 දින උදෑසන පැවසීය .

12/04 දින උදෑසන 10.00 ට සීදූව රද්දොළුගම පිහිටි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවති පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ජයවර්ධන  පැවසීය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයවර්ධන මහතා මේ එළඹෙමින් තිබෙන නත්තල් සහ 2026 අලුත් අවුරුදු සමය තුළ වසරේ කේක් අලෙවියෙන් 25% ක ප්‍රමාණයක් සිදු වන බැවින් , බිත්තර හිගයක් මතු වුවහොත් එය උත්සව සමයට බලපෑමක් ඇති කළ හැකි බවට අනතුරු ඇගවීමක් ද කළේය .

බේකරි කර්මාන්තය සදහා පිටි , සීනි , බිත්තර සහ මාගරින් අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය 04 ක් බවත් , බිත්තර හිගයක් මතු වුවහොත් අනිවාර්යයෙන්ම බේකරි නිෂ්පාදනවල මිළ ඉහළ යාමක් හෝ සමස්ථ බේකරි නිෂ්පාදන කර්මාන්තය ඇණ හිටීමකට ලක් විය හැකි බවත් ජයවර්ධන මහතා පැවසීය .

එනිසා රජය වත්මන් තත්වය පිළිබඳව හොදින් අධ්‍යයනය කර , බිත්තර හිගය සදහා විකල්ප විසදුම් කරා යෑමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් ද කළේය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න