ඇත්ත සංඛ්‍යා ලේඛන වසන් කර, සිදු වූ ව්‍යසනයේ බරපතළකම දියාරු කර හරින්නට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ නොසිතු මොහොතක රටේ ඇති වු ව්‍යසනය හේතුවෙන් ජීවිත අහිමි වූ සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ද, බිඳ වැටුණු ජීවිත යළි ගොඩනගා ගැනීම සඳහා ආශිර්වාද පතා පැපිළියාන පුරාණ රාජමහා විහාරස්ථානයේ දී නව ජනතා පෙරමුණ විසින් පවත්වන ලද පිංකමේ දී ය.
එම පිංකම සඳහා වෙනත් දේශපාලන පක්ෂ නායකයින් ද සහභාගි විය. එහි දී මියගිය අපේ සහෝදර ජනතාවට බෞද්ධ ආගමික වතාවත් අනුව පුණ්‍යානුමෝදනා සිදු කර අමා මහා නිවන් සුව ප්‍රර්ථනා කළ අතර අනිකුත් ආගමික නායකයින් විසින් ඒ ජීවිතවලට ආශිර්වාද සිදු කරන ලදී.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර...
ව්‍යසනය බරපතළ වුණේ ආණ්ඩුවේ දුර්වලතාව නිසා
''ආණ්ඩුව විසින් ඇත්ත සංඛ්‍යා ලේඛන දෙන්නේ නෑ. ඔවුන් කියන්නේ 500 විතර මරණයට පත් වෙලා තියෙනවා තව 300 විතර අතුරුදහන් වෙලා කියලා. නමුත් අපිට ලැබෙන තොරතුරු අනුව මරණ සංඛ්‍යාව මීට වඩා විශාලයි. අතුරුදහන් වූ සංඛ්‍යාවත් මීට වඩා විශාලයි. අවතැන් වූ සංඛ්‍යාවත් මීට වඩා විශාලයි. ආණ්ඩුව උත්සහා කරන්නේ අද මේ ඇත්ත සංඛ්‍යා ලේඛන වසන් කරලා මේ සිදු වු ව්‍යසනයේ බරපතළකම දියාරු කරලා හරින්න. මොකද අද කයියනායක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා දන්නවා මේ ව්‍යසනය වුණේ තමන්ගේ හා තමන්ගේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව හා කළමනාකරණයේ දුර්වලතාව නිසා කියලා. 12වෙනි දා කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා මෙවැනි ව්‍යසනයක් එනවා. මෙවැනි සුලි කුණාටුවක් එනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඊට අදාළ රතු නිවේදන නිකුත්කරලා තියෙනවා. මෙලෙස රතු නිවේදන නිකුත් කරලා තියෙද්දිත් ඒ අවශ්‍ය විදිහට මහවැලිය, වාරිමාර්ග, ජල සම්පාදන, විදුලි බල මේ සියල්ල කළමනාකරණය කරගත්තේ නැත්තේ අපි නොවෙයි; මාලිමා ආණ්ඩුවයි.
කතාවෙ දි නම් විනාඩි දාහතකින් හැම දෙයක් ම කළා
අපි කියන්නේ ජනාධිපතිතුමා ඇතුළු මේ රජය මේ සියලු ඝාතනවලට වග කියන්න ඕනේ. ඔයිට වඩා හොඳයි පිට කොටුවේ ඉන්න හාල් මුදලාලි කෙනෙකුට දුන්නනම් මේ ප්‍රශ්නය මීට වඩා හොදින් කළමනාකරණය කරනවා. මේ තත්ත්වය අපිට සමාන කරන්න පුළුවන් පාස්කු ප්‍රහාරයට ම. ඒ නිසා මේකත් හිතාමතාම තමා මේ ජීවිත අනතුරට පත් කළේ. ඒ නිසා මෙහි බරපතළකම දියාරු කරන්න ජනාධිපතිතුමා ජාතිය අමතලා කතාවක් කළා සංඛ්‍යා ලේඛන කිසිවක් අතේ නැතුව. ජනාධිපතිතුමා ගේ කතාවේ දි පාරවල් ටික හැදුවා, ඇළ වේලි ටික අස්වැද්දුව, පොහොර ටික දුන්නා,ජන ජීවිත යථා තත්ත්වයට පත් කළා විනාඩි 17 කතාව තුළ. කරන්න බැරි වුණේ මැරිච්ච ජීවිතවලට පණ දෙන එක විතරයි. අනේ ජනාධිපතිතුමනි අපි අවුරුද්දක් දැන් බලන් හිටියා ඔබතුමා ගේ සුරංගනා කතා ඇහුවා. දුන්න පොරොන්දු එකක් වත් අවුරුද්ද ඇතුළත ඉටු කළේ නෑ. ඒ නිසා අපි කියනවා අන් අයගේ සහායෝගය ගන්න. මීට වඩා කොවිඩ් කියන ජාත්‍යන්තරව වෙළා ගත් ව්‍යවසනය කළමනාකරණය කල නායකයින් ඉන්නවා. ඒ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා.
ගෝඨාභය ගේ දක්ෂතාව
රට වහලා තියෙද්දි හඳුනා නොගත් මේ රෝගයෙන් ඇමරිකාව, ජර්මනිය, ඉන්දියාව යනාදි රටවල මිනිස්සු මැරිලා වැටෙද්දි අප රට කොවිඩ් පාලනය කළ හොඳ ම රට බවට පත්කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා සමත් වුණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා ප්‍රකාශයට පත් කළා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ඇතුළු සියලු දෙනා ම රටට ආපු ව්‍යයසන කළමනාකරණය කරන්න සමත් වුණු රට ගොඩදාපු නායකයෝ. ඒ නායකයින් ගෙන් අත්දැකිම් ගන්න. ඒ වගේම හරිම අවාසනාවන්ත තත්වයක්. මේ වගේ ව්‍යවසනයක් ආවාම පෙර පැවැති රජය හෝ රාජ්‍ය නායකයින් මේ ව්‍යවසන කළමනාකරණය කරන්න අතට ගත්තා.
ව්‍යසනය කළමනාකරණය පැලවත්ත සහ සමාගමට...?
2003 මහා ගංවතුර ආපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගේ ආණ්ඩුව ඒ අභියෝගය බාරගත්තා. සුනාමි ආපු වෙලාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ඇතුළු ආණ්ඩුව ඒ අභියෝගය බාර ගත්තා. ඊළඟට තිස් අවුරුදු යුද්ධයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ඒ අභියෝගය බාරගත්තා. ඊළඟට 2016 අවුරුද්දේදි ඇතු වු මහා ගංවතුරේ දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඒ අභියෝගය බාර ගත්තා. කොවිඩ් ව්‍යසනයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ඒ අභියෝගය බාර ගත්තා. මේ අවස්ථාවේ දී මේ ව්‍යසනය කළමනාකරණය කරන්න බාර අරගෙන තියෙන්නේ පැලවත්ත සහ සමාගම. පැලවත්තේ ලොකු අයියා ටිල්වින් සිල්වා වැස්සකට වත් සභාවකට ගිය නැති මනුස්සයෙක්. කිසිම අත්දැකීමක් නැති කෙනෙක්. එතුමා දන්නේ ඒ මතවාදය වෙනුවෙන් පෙනි සිටින්න විතරයි. ඒ වගේ මහත්තයෙක් දෙන උපදෙස් අරගෙන නම් මේ ව්‍යසනය කළමනාකරණය කරන්න හදනේනේ. අපේ රටට අඹ සරණයි කියලා තමයි කියන්න වෙන්නේ.
ජනතාවට දවල් තරු පෙනිලා
මාලිමාවේ පාපිසි කෑල්ලක් පාර්ලිමේන්තුවේ දී කියනවා අපි දැක්කා පසුගිය දවසක ව්‍යවසනය ආපු වේලාවේ හොඳ ම කණ්ඩායම තමයි මේ ඉන්නේ කියලා. රතු තරු ටික ගමට බහිනවා කියලා. අනේ අද වෙනතුරු බත් ඇටයක් හමු නොවුණ මිනිස්සු ඉන්නවා. ජනතාව බලන් ඉන්නවා රතු තරු එනකන්. රතු තරුත් නෑ, තනි තරුත් නෑ, වල්ගා තරුත් නෑ, ජනතාවට දවල් තරු තමයි පෙනිලා තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ ව්‍යසනය මැදින් දේශපාලනය කරන්න එපා. ඔබතුමා ගේ ඔය පාපිසි ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රිවරුන් පිස්සු බල්ලන් බොරුවට කෑ ගහනවා. ඔය බොරුවට උඩු බුරන පිස්සු බල්ලන් බැඳලා දාන්න. මේ වෙලාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් පෙන්නලා දෙන්නේ ආණ්ඩුවේ අඩුපාඩු. ආහාර,අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හමු නොවුන තැන් තමයි පෙන්නලා දෙන්නේ. ඒ නිසා මේවා වැරදියට ගන්න එපා. ජනාධිපතිතුමා මේ අයුරින් උද්දච්ච විදිහට වැඩ කරන්න එපා. මේ හදිසි නීතියෙන් විපක්ෂයේ දේශපාලඥයින්, ක්‍රියාධරයින් දඩයම් කරන එක නතර කරලා හිටපු ජනාධිපතිවරුන්ගේ, ආගමික කායකයින්ගේ, මහා නායක හිමි වරුන්ගේ ,කාදිනල් තුමාගේ, කුරුක්කල් තුමාලාගෙන් මේ රට ගොඩනගන අභියෝගය බාර ගන්න අවශ්‍ය උපදෙස් ගන්න.
විදේශ කටයුතු ඇමති ගොළු වෙලා ද...?
ජනාධිපතිතුමනි... දැන් උවමනා වෙලා තියෙන්නේ කයිය නෙමෙයි... වැඩයි. ඒ වගේම මේ අවස්ථාවේ ඔබතුමාගේ කැබිනට් එකේ ඉන්නවා වැඩ බැරි ටාසන්ලා ටිකක්. විදේශ කටයුතු ඇමතිතුමා ගොළුයි. එතුමාට බෑ මේ ව්‍යසනය පාලනය කරන්න. මේ පිළිබදව ජාත්‍යන්තරය හා තානාපති වරු දැනුවත් කරනවා විජිත හේරත් ඇමතිතුමා කටයුතු කරනවා අපි දැකලා නෑ. බස හසුරුවන්න පුළුවන් ඇමතිවරයකු පත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් ඇමතිවරයකුට බාර දෙන්න. ඔබතුමාට දැවැන්ත අභියෝගයක් ලැබිලා තියෙනවා. අවුරුද්දක කාලයක් පුරාවට කළේ කපටි වැඩ, ජනතාව අන්දන එක. දැන්වත් මේ ජනතාව රවටන එක නතර කරලා මේ ව්‍යසනකාරි තත්ත්වයෙන් රට මුදා ගන්න කියලා අපි කියන්න කැමතියි.''

