සහනාධාර මලු විකිණීමේ ජාවාරමක්

සහනාධාර මලු විකිණීමේ ජාවාරමක්

“දිට්වා“ සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට බෙදාදුන් සහනාධාර මළු අලෙවි කළ බවට තොරතුරු කීපයක් ලැබීම නිසා ඒ සම්බන්ධව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

කොළොන්නාව, වැල්ලම්පිටිය ආදී ප්‍රදේශවලට බෙදාදුන් සහනාධාර ලබාගත් ඇතමුන් ඒවා අලෙවි කර තිබෙන බවට පැමිණිලි කීපයක් ලැබී තිබෙන බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.

මේ සම්බන්ධව පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම්දුන් බවද ඔහු කීවේය. මෙවැනි සිද්ධීන් සම්බන්ධව නිරන්තරයෙන් අවධානය යොමුකරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.


police1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න