LTL හෝල්ඩිංග්ස් වෙතින් "LTL මනුස්සකම" රට පුරා,

LTL හෝල්ඩිංග්ස් වෙතින් "LTL මනුස්සකම" රට පුරා,

LTL හෝල්ඩිංග්ස් සමාගම විසින්, මෑතකාලීන අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පවුල්වලට සහාය වීම සඳහා දිවයින පුරා සහන වැඩසටහනක් දියත් කර ඇති අතර, "LTL මනුස්සකම" (LTL Humanity) යන නව වැඩසටහන යටතේ ක්‍ෂණික සහය මෙන්ම දිගුකාලීන යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්න දෙකටම සහයෝගය දක්වනු ඇත.

මෙම වැඩසටහන අදියර දෙකකින් ක්‍රියාත්මක වීමට නියමිතය.

පළමු අදියර අවධානය යොමු කරන්නේ හදිසි ආධාර සැපයීම කෙරෙහිය. ඒ යටතේ සති දෙකක කාලයක් තුළ පීඩාවට පත් නිවාස වෙත ආහාර පාර්සල් 15,000 ක් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරේ.

පවුල්වලට අවශ්‍ය කඩිනම් සහයෝගය සහතික කිරීම සඳහා, මූලික ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක කට්ටල (hygiene kits) සහ නිවෙස්වල ආහාර පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය උපකරණ ඇතුළුව, මෙම මූලික අදියර සඳහා LTL හෝල්ඩිංග්ස් විසින් රුපියල් මිලියන 100 කට වැඩි මුදලක් වෙන් කර ඇත.

දෙවන අදියර අවධානය යොමු කරන්නේ ගංවතුර සහ ඊට අදාළ බාධාවලින් දැඩි ලෙස පීඩාවට පත් වූ ප්‍රජාවන් දිගුකාලීනව යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහිය.

සැලසුම් කර ඇති ව්‍යාපෘති අතර, අවතැන් වූ පවුල් සඳහා නිවාස ඉදිකිරීම, පාසල් සහ ළමා රෝහල් අලුත්වැඩියා කිරීම සහ නැවත ගොඩනැගීම, මෙන්ම විදුලි සේවා වැනි අත්‍යවශ්‍ය උපයෝගිතා යථා තත්ත්වයට පත් කිරීමද ඇතුළත් වේ.

සහන කටයුතු කඩිනමින් හා හොඳින් සම්බන්ධීකරණය කර බෙදා හැරීම සහතික කිරීම සඳහා, ජාතික මාධ්‍ය සංවිධාන, තරුණ හා කාන්තා කණ්ඩායම්, ප්‍රජා සංවිධාන සහ ස්වේච්ඡා ජාල සමඟ හවුල්කාරිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව LTL හෝල්ඩිංග්ස් පවසා ඇත.

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නුහුමන් මාරිකාර් මහතා පැවසුවේ, මෙම වැඩසටහන ක්ෂණික අවශ්‍යතා සපුරාලීමට පමණක් නොව, පීඩාවට පත් ප්‍රජාවන්හි ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්, “අපගේ අරමුණ වන්නේ ව්‍යුහගත, අදියරගත ප්‍රවේශයක් තුළින් යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම සහ සාමාන්‍ය තත්ත්වය යළි ස්ථාපිත කිරීමයි” යනුවෙන් පැවසීය.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න