නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු සැපයුමේ හිඟයක් නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් කමිටුවේදී අනාවරණය වී තිබේ.
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණි.
එහිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඊට ගත යුතු පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා හෙක්ටයාර් 1,421කට හානි සිදුව ඇති අතර, ගොවීන්ට කඩිනමින් වන්දි ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
වගා හානි සිදුවුව ද නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාළ එළවළු අස්වැන්නෙහි අඩු වීම සියයට 25ක් පමණ වන බව පෙන්වා දුන් නිලධාරීන්, දෛනික එළවළු සැපයුම නුවරඑළිය දිස්ත්‍රික්කයට සිදුකළ හැකි නමුත්, දෛනික ඉල්ලුමෙහි අඩුවීමක් නිරීක්ෂණය වන බව සඳහන් කළේය.
මීට හේතුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු හිඟ බවට මෙන්ම මිල ගණන් ඉහළ ගොස් ඇති බවට පළවන අසත්‍ය පුවත් බව ද එහිදි නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

