ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහාය

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහාය

අයහපත් කාලගුණය නිසා ඇති වූ විපත්තිකාරි තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සහන සේවා සහ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහාය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ නේවාසික එක්සත් ජාතීන්ගේ නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ  පොරොන්දු වී තිබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ මාර්ක් ඇන්ඩෘෘ අතර හමුවක් අද (08) අමාත්‍යංශයේ සිදුවූ අවස්ථාවේ දී ඔහු මේ බව පවසා ඇත.

එමෙන්ම මෙම ආපදාවෙන් විපතට පත් සියලු ජනතාව සඳහා වහාම එක්සත් ජාතින්ගේ සංවිධානය ක්ෂණික ආධාර අරමුදල යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කළ අතර එම මුදල සංකේතාත්මකව අමාත‍්‍ය විජිත හේරත් මහතාට පිරිනැමීම ද සිදුකර තිබුණි.

එක්සත් ජාතීන් කරනු ලබන ආධාර යටතේ ආහාර සුරක්ෂිතතාවය, නිවාස, පානීය ජලය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය හා ධීවර අංශ සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ඇත. මේ සඳහා විස්තරාත්මක ඇගැයීමක් සිදු කිරීම පිණිස දැනමටත් OCHA සංවිධානයේ 05 දෙනෙකෙුගෙන් යුතු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් දැනුම් දී තිබේ.

මේ සියලු කටයුතු සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ආපදාව නිසා රටේ ජනජීවිතය, ආර්ථිකය, කෘෂි කර්මාන්තය ඇතුළු සියලු ක්ෂේත්‍රවල ඇති වූ බලපෑමෙන් යළි ගොඩනැගීම් ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තරයේ අඛණ්ඩ සහාය අවශ්‍ය බව අමාත්‍ය විජිත හේරත් පෙන්වා දී ඇති අතර ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට ආධාර ලබා දෙන රටවල් සමඟ කටයුතු කිරීමට නිව්යෝර්ක් සහ ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාල හරහා කටයුතු කරන බවට ද මාර්ක් ඇන්ඩෘෘ  ප්‍රකාශ කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න