බුදු දහමට,ගෞතම බුදුන් වහන්සේට නිග්‍රහයක් වන අන්දමින් ලියා ප්‍රසිද්ධ කර ඇති "බුදුන්ගේ රස්තියාදුව" කෘතිය මගින් අපහාසයෙන් ඔබ්බට ගිය අපරාධමය වරදක් අනාවරණය වන බව හිටපු ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුස විතාන හමුවේ සාක්ෂි දෙමින් (08) පැවසීය.
සිදුහත් කුමරුගේ උප්පත්තිය අවඥාවට ලක් කරමින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ලෝක වාසී බෞද්ධ ජනතාව තුල කලකිරීමක් ඇතිවන අන්දමින් ලියා ඇති කෘතිය මගින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 ආ වගන්තිය උල්ලංඝනය කරන බැවින් ඊට දඬුවම් ලබා දිය යුතු බවත් විජයදාස රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව තුළ තවත් ආගම් තිබෙන බවත්, වෙනත් කිසිදු ආගමකට එරෙහිව මෙවැනි පොතක් ලිය වී නොමැති බවත් පැවසූ රාජපක්ෂ එහෙම ලී ලිව්වොත් මොකද වෙන්නේ කියා ඒ ලියන අය දන්නා බවත් පැවසීය.
සාක්ෂිකාර විජයදාස රාජපක්ෂ උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස කටයුතු කරන අවධියේදී හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට ලිඛිතව කරන ලද පැමිණිල්ලක් අනුව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් පොතෙහි කර්තෘ කේ.කේ ශ්‍රීනාත් යන අයට එරෙහිව පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී එසේ පැවසීය.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම විත්තියේ සාක්ෂි මෙහෙයවීය.
විත්තිය මගින් ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් විජයදාස රාජපක්ෂ මෙසේද පැවසීය.
බුද්ධත්වය කියන උතුම් තලයට පත්වීමට සාරාසංකල්ප ලක්ෂයක් පෙරුම් පිරුව බව සඳහන් වෙනවා. මේ කෘතිය අනුව හැම තැනම යන රස්තියාදුකාරයින්ට මේ තලයට පත්වෙන්න පුළුවන් කියලා හැඟවෙනවා. බුදු හාමුදුරුවන්ගේ ගෞරවය නැති කරලා තියෙනවා. හීන බලලා රහත් වෙන්න , බුදු වෙන්න බැහැ. මේක බෞද්ධ දර්ශනය අවඥාවට ලක් කිරීමක්, බෞද්ධ සාහිත්‍යය බෞද්ධ ඉතිහාසය දන්න ඕනෑම සවිඥානික පුද්ගලයෙකුට මේ කෘතිය කියනකොට වැටහී යනවා මේ ලියලා තියෙන්නේ බුදුන් ගැනද එහෙමත් නැත්නම් සාමාන්‍ය උපතක් ගැනද කියලා. මේක මගේ හිතලූවක් අනුව පවරපු නඩුවක් නෙවෙයි. පැමිණිල්ල ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව නීතිපතිවරයා විසින් අදාළ කෘතිය මගින් අපරාධමය වරදක් සංස්ථාපනය වන බවට සනාථ කර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා පොලිසිය මගින් ගොනු කළ නඩුවක්.
පොත ලියල තියෙන්නෙ සිද්ධාර්ථ කුමාරයා ගැන නෙවෙයි වෙනත් සාමාන්‍ය දරුවෙක් පිළිබඳව යනුවෙන් විත්තිය ඉදිරිපත් කරන යෝජනාව කිසිසේත් පිළිගන්න බැහැ. බුදුහාමුදුරුවෝ රස්තියාදු කාරියෙක් යන්න සමාජගත කරන්න මෙම ග්‍රන්ථය ලියල තියෙනවා. විත්තියේ පවසන පරිදි මේක මගේ දැක්ම නෙවෙයි . මෙතන නඩුවක් තියෙනවා කියලා පොලිස් දෙපාර්තමේන්තුව දැකලා තියෙනවා. ඒ අනුවයි මේ නඩුව පවරා තිබෙන බව සාක්ෂිකාර රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
සැකකාර කේ . කේ ශ්‍රීනාත් සැකකරු අධිකරණයේ පෙනී සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් පෙනී සිටියේය.
සාක්ෂිකරුට ඉදිරි දිනයේ දී අධිකරණය පෙනී සිටින ලෙසට අවවාද කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි 18 දිනට නියම කළේය .
( lankadeepa | රෝෂන් තුෂාර)

