'දිට්වා' රටෙන් පහෙන් එකක් යටකර ඇතැයි UNDP නවතම වාර්තාව කියයි

'දිට්වා' රටෙන් පහෙන් එකක් යටකර ඇතැයි UNDP නවතම වාර්තාව කියයි

දිස්ත්‍රික්ක 25කට බලපෑම් එල්ල කරමින් ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් සිදුවු හානිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නවතම වාර්තාවක් එළිදක්වා තිබේ.

ඒ අනුව ඔවුන්ගේ නව භූගෝලීය විශ්ලේෂණයෙන් අනාවරණය වී ඇත්තේ, සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර ජලය හෙක්ටයාර මිලියන 1.1කට වඩා වැඩි ප්‍රමාණයකට බලපෑම් සිදුකර ඇති බවය.

ඒ අනුව රටෙහි සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 20ක් එසේත් නොමැති නම් පහෙන් එකක ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති අතර, නිවාස, යටිතල පහසුකම් හා අත්‍යවශ්‍ය සේවාවන්ට සැලකිය යුතු හානියක් සිදුකර ඇති බවටත් මෙහිදී අනාවරණය වී තිබේ.

මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ගංවතුරට ලක්වූ ප්‍රදේශවල මිලියන 2.3කට ආසන්න ජනතාවක් ආපදාවට ලක්ව ඇති බවත් ඉන් අඩකඩ වඩා කාන්තාවන් වන බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනාවරණය කර ඇත.

 

(Adaderana)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න