වොෂින්ටනයේ දී ගිවිසුමක් අත්සන් කර රට තුළ සාමය සඳහා වූ ප්‍රධාන පියවරක් ලෙස ප්‍රකාශ කර තිබියදීත්, කොංගෝ හමුදාව සහ රජයට හිතවත් මිලීෂියා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් නැගෙනහිර කොංගෝවේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 30 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලැබූහ.
රාජ්‍ය විරෝධී කැරලිකරුවන් සහ එරට ආරක්ෂක අංශ අතර පැවති ගැටුම් අතරතුර මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන් ය.
නැගෙනහිර කොංගෝවේ විරෝධතාවල නිරත වූ කැරලිකරුවන් 100ක පමණ පිරිසක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කරයි.
මිලියන 7කට අධික ජනතාවක් අවතැන් වී ඇති මෙම ගැටුම ලොව වැදගත්ම මානුෂීය අර්බුදයක් නිර්මාණය කර ඇති බව නිලධාරීහු පවසති.

