ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Mr. Levan Dzhagaryan සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සුවිශේෂ හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.
එම සාකච්ඡාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,රුසියානු තානාපතිවරයා වෙත දිට්වා සුළි කුණාටුව නිසා මෙරට ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර නැවත ජන ජීවිත නගා සිටුවීමටත් විනාශ වූ දුම්රිය සහ මාර්ග පද්ධතිය යථා තත්ත්වයට ගැනීමට සහ හානියට පත් යටිතල පහසුකම් නගා සිටුවීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේ ය.
එසේම මේ අසීරු අවස්ථාවේ රුසියානු රජය මෙතෙක් ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය ස්තූතිය රුසියානු තානාපති Mr. Levan Dzhagaryan වෙත පිදී ය. දීර්ඝ කාලීන මිතුරන් ලෙස දෙරට අතර ඇති වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට උපකාර කරන ලෙසත්, එ'තුළින් වැටී ඇති රට නැවත නගා සිටුවීමට විශාල පිටුබලයක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ ය.


