දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වයත් සමග මා ඔය පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුර සහ නායයෑම් තර්ජනවලට මුහුණ දුන් තුල්හිරිය ප්‍රදේශයේ ජනතාව ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළේ ය.
එම අවස්ථාවේ දී සහන කඳවුරේ සිටි ජනතාව විපක්ෂ නායකවරයා හමුවේ කියා සිටියේ මේ වන විට සිය නිවස ආශ්‍රිත ප්‍රදේශ නායයෑමේ අවදානමක් පවතින නිසා සිය ජීවිත සම්බන්ධයෙන් අවදානමක් ඇති අතර තුල්හිරියේ නායයෑම නිසා සිය පවුල්වල විශාල පිරිසක් මිය ගිය ද ඔවුන්ගේ දේහ ගොඩගැනීමට රජය උපකාර නොකරන බවත්, ඔවුන්ගේ දේහ ගොඩගෙන මියගිය පවුලේ සාමාජිකයන්ට අවසන් ගෞරව දැක්වීමට හෝ අවස්ථාව ලබා දෙන ලෙස යි.
මොවුන්ගේ ගැටලු සොයා බැලූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආපදා කළමනාකරණ උපදේශක සභාවට මෙම ගැටලු සියල්ල ඉදිරිපත් කරන බව පැවසී ය. එසේම අලව්ව තුල්හිරිය විහාරස්ථානයේ ඇති සහන කඳවුරේ සිටින ජනතාව හමු වී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලූ අතර විපක්ෂ නායකවරයා ලෙස මේ ගැටලු විසඳීමට උපරිම උපකාර කරන බවට පොරොන්දු විය.
ගංවතුර සහ නායයෑම් නිසා තුල්හිරිය ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත සහ දේපළ අහිමි විය. මේ අවස්ථාවේ මෙම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් දැන ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හැකි විය.


