ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය සඳහා අත්පිටපත් බාර ගැනේ

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය සඳහා අත්පිටපත් බාර ගැනේ

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය 2026 වෙනුවෙන් අත්පිටපත් බාර ගැනීම 2025 සැප්තැම්බර් 22 සිට 2025 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කරන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසයි.

ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය යටතේ උසස් ශාස්ත්‍රීය, පර්යේෂණ, නවකතා, කෙටිකතා, පද්‍ය, යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා ආධාර ලබා දීමට සැලසුම් කර ඇත. එහි දී හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘති සඳහා රුපියල් 150,000ක්, නවකතා සඳහා රුපියල් 125,000ක්, කෙටිකතා සංග්‍රහ සහ විවිධ ශානරයේ කෘති සඳහා රුපියල් 100,000ක්, පද්‍ය, යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා රුපියල් 75,000ක් පිරිනැමීමට කටයුතු කරන බවත්, මේ කෘති සියල්ල 2026 වර්ෂයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් එළිදැක්වීමට අපේක්ෂා කරන බවත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ලේඛක/ ලේඛිකාවන් කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට පැමිණ හෝ 0112-687583 අංකයට දුරකථන ඇමතුමක් ලබා දී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය. එසේ ම www.natlib.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සහ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනය හරහා ද මෙම ව්‍යාපෘතියට අදාළ තොරතුරු සහ අයදුම්පත්‍ර ලබා ගත හැකි ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න