ආපදා තත්ත්වයෙන් පසු පළාත් 06ක පාසල් දෙසැ: 16 යළි ඇරඹෙයි

ආපදා තත්ත්වයෙන් පසු පළාත් 06ක පාසල් දෙසැ: 16 යළි ඇරඹෙයි

තෙවන පාසල් වාරයේ 2වන අදියර සඳහා එළඹෙන දෙසැම්බර් 16 වනදා ආරම්භ කෙරෙන පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අද (09) නිල වශයෙන් දැනුම්දීමක් සිදු කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව  අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ඒ අනුව දෙසැම්බර් 16 වනදා බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද පළාත්වල සියලු පාසල් විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව මෙරට සමස්ත පාසල් සංඛ්‍යාව වන 10,076ක් අතරින් පාසල් 9,929ක් එදිනට විවෘත කෙරේ.

කෙසේවෙතත් විවෘත කිරීමට නොහැකි පාසල් 147ක් පළාත් 3කට අයත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

ඌව පළාතේ වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 5ක්, බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 3ක්, බදුල්ල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 7ක්, පස්සර අධ්‍යාපන කලාපයට අයත් පාසල් 5ක් සහ වියළුව අධ්‍යාපන කලාපයට අයත් පාසල් 6ක් තවදුරටත් විවෘත නොකෙරෙන බව සඳහන් කළේය.

මහව අධ්‍යාපන කලාපයට අයත් පාසලක්, ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයට අයත් පාසල් 5ක් ලෙස වයඹ පළාතේ පාසල් 6ක් ද එදිනට විවෘත නොකෙරෙයි.

එමෙන්ම මධ්‍යම පළාතේ පාසල් 115ක් දෙසැම්බර් 16 වනදා අධ්‍යාපන කටයුතු සඳහා විවෘත නොකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් 4ක්, දෙනුවර අධ්‍යාපන කලාපයට අයත් පාසල් 8ක්, ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 8ක්, වලපනේ  අධ්‍යාපන කලාපයට අයත් පාසල් 7ක්, හඟුරන්කෙත අධ්‍යාපන කලාපයට අයත් පාසල් 15ක්, කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 17ක්, මාතලේ  අධ්‍යාපන කලාපයට අයත් පාසල් 38ක්, නාවුල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 3ක් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් පාසල් 15ක් විවෘත නොකෙරෙනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න