නායයාම් අධි අවදානම් සහිත ස්ථාන 15,000ක් පමණ දැනට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව, එම ස්ථානවල පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් නැවත පදිංචි කර ඇති බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළේ ය.
ඊසාන දිග මෝසම් වැස්ස යම් තරමකට ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි බැවින් අනතුරුදායක ස්ථානවල සිටින ජනතාව වඩාත් සැලකිලිමත් වෙන ලෙසත් ආරක්ෂිත ස්ථාන වෙත සිටින ජනතාව එම ස්ථානවල ම රැඳී සිටින ලෙස ත් ය.
ජීවිත සම්බන්ධයෙන් අනාරක්ෂිත තත්ත්වයක් ඇති විය හැකි බැවින් අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින ලෙස ද ඔහු ඉල්ලා සිටියි.
(mawbima -Anuradha Herath)

