වර්ෂාව හමුවේ ජලයෙන් යට වූ ගොවි බිම්වල නැවත වී වගාවට යොමු වෙන්නේ නම් දිගුකාලීන වී ප්‍රභේදවලට නොගොස් මාස තුනේ වී කාණ්ඩවලට යෑම වැදගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කියයි.
වැව් ජලය පිටාර ගැලීම නිසා වැලි සහ පස් කුඹුරු මත තිබිය හැකි බැවින් වී වගා කටයුතු නැවත ආරම්භ කිරීමේදී ඒවා ඉවත් කිරීමට වන බවත්, ඒ සඳහා ප්‍රමාණවත් බිත්තර වී තිබිය යුතු බවත් කියයි.
මහා කන්නයේ දී හෙක්ටයාර් ලක්ෂ 08 කට වැඩි භූමි ප්‍රමාණයක වී වගා කරන බවත් වර්ෂාව පැමිණීමට පෙර තෙත් කලාපය ද ඇතුළුව වී වගා කරන දිස්ත්‍රික්ක විසි පහේ හෙක්ටයාර් 520,000 ක භූමියක වී වගා කර තිබුණු බවත් කී මහාචාර්යවරයා එම ප්‍රමාණයෙන් සියයට 20 ක් පමණ එනම්, හෙක්ටයාර් ලක්ෂයක් පමණ ජලයෙන් යටව ඇති බව ද හෙළි කළේ ය.

