විගණකාධිපති තනතුරෙහි වැඩ බැලීම සඳහා ධර්මපාල ගම්මන්පිලට ලබාදී තිබු නිල කාලය පසුගිය දෙසැම්බර් හයවෙනිදා හමාරවිය.
එහෙත් ඔහු තවදුරටත් අතිරේක විගණකාධිපති ධුරයේ සේවය කරයි.
ජනාධිපතිවරයා විසින් ඔහු වෙනුවට විගණකාධිපති තනතුරට පත් කරන ලෙස නිර්දේශ කරන ලද එල් .එස් .අයි. ජයරත්නගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කළේය. එයට හේතු වූයේ ඇය සම්බන්ධව අල්ලස් දූෂණ කොමිසම පරීක්ෂණයක් පැවැත්වීමයි. එම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව විගනකාධිපති තනතුර හිස් විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙවර ප්‍රතික්ෂේප කළේ විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද තුන්වන නාම යෝජනාවයි.
එහෙත් ව්‍යවස්ථා සභාව සභාව මේ සඳහා විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරනැත.
විගණකාධිපති තනතුර හිස්විම නිසා රාජ්‍ය ආයතන වල වර්ෂ අවසාන විගණන වාර්තා ඉදිරිපත් කිරීම බරපතළ අර්බුදයක් වී ඇතැයි ජෙෂ්ඨ පරිපාලන සේවා ප්‍රධානියකු පැවසීය.
එසේම විගණකාධිපති දෙපාර්තමේන්තුවට කිසිදු රාජ්‍ය ආයතනයකට විගණන විමසුම් යැවීමද (විගණකාධිපතිවරයෙකු නොමැති වීම නිසා ) අර්බුදයක් වී ඇතැයි වාර්තාවේ.

