හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් ගොඩ නැගීම සඳහා එවැනි යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, ලෝක බැංකු සමූහය විසින් අරමුදල් සපයනු ලබන ආයෝජන ව්‍යාපෘතිවල ඇතුළත් හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීමටත්, යෝජිත හදිසි ප්‍රතිචාර සංරචක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 92ත් 112ත් අතර මුළු මුදලක් සලසා ගැනීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ද්වීපාර්ශ්වික සහ බහු පාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන්, ණය ලබා දෙන ආයතන සහ ලාභ අරමුණු කර නොගත් සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දැනටමත් ක්ෂණික මැදිහත්වීම් ආරම්භ කර ඇත.

