විගණකාධිපති තනතුරට ආයෙත් නමක් යෝජනා කරයි

විගණකාධිපති තනතුරට ආයෙත් නමක් යෝජනා කරයි

මේවන විටත් පුරප්පාඩු වී තිබෙන විගණකාධිපති තනතුරෙහි පුරප්පාඩුව පිරවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඕ.ආර්. රාජසිංහ ගේ නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා යොමු කර තිබේ.

විගණකාධිපති පුරප්පාඩුව පිරවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මීට පෙර ඉදිරිපත් කරන ලද නම් දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සඳහා අවශ්‍ය අවම ඡන්ද සංඛ්‍යාව නොලැබීම හේතුවෙන් නව විගණකාධිපතිවරයකු පත් කිරීම තවදුරටත් ප්‍රමාද විය.

මාස තුනක් සඳහා මේ වන විට වැඩබලන විගණකාධිපති ලෙස කටයුතු කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති L.S.I. ජයරත්නගේ නම අනුමත කරන ලෙස ජනාධිපති දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, පත් කිරීමක් අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට සාමාජිකයන් 10 දෙනෙකුගෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවම ඡන්ද පහක් අවශ්‍ය වේ.

අවම ඡන්ද සංඛ්‍යාවක් නොමැති විට, නිර්දේශය සම්මත වීමට අපොහොසත් වූ බව සැළකේ.

ජයරත්න වැඩබලන විගණකාධිපති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සළකා බැලීම සඳහා කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දෙසැම්බර් මුල් සතියේ රැස් වී තිබුණු නමුත් එල්ල වී තිබුණු විෂමාචාර චෝදනාවක් මත එම පත්වීම අනුමත නොකෙරිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න