හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයකට ඇතුළු තනතුරු හතරකට පත්කළ බව එම පක්‍ෂය ඊයේ (12) නිවේදනය කළේය.
විජයදාස රාජපක්ෂ එම තනතුරට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා විසින් මහරගම ආසන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් නායක සහ එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික තනතුරුවලට ද පත්කළ බව ද එම පක්‍ෂය පවසයි.
විජයදාස රාජපක්ෂ වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතයක් පක්‍ෂය සමග එකතු වීම ශක්තියක් බවත් පක්ෂයක් ලෙස දීර්ඝ ලෙස සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
බෞද්ධ ආගම සමඟ සමීපව කටයුතු කරන විජේදාස රාජපක්ෂ ඉදිරි දේශපාලන ගමනක් ඇති ජනාධිපති නීතිඥවරයකු බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(lankadeepa - යොහාන් භාසුර)

