නාමල් හරිනිට යවපු ලිපිය ඵලදරයි - පාර්ලිමේන්තුව 18 වැනිදා කැඳවයි

නාමල් හරිනිට යවපු ලිපිය ඵලදරයි - පාර්ලිමේන්තුව 18 වැනිදා කැඳවයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය පිළිබඳව ස්තුතිවන්ත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

තමා පසුගිය දිනවල ආපදා ලක්වූ ප්‍රදේශ වලට ගිය බවත් එහිදී විපතට පත්ජනතාව මුණ ගැසුණු බවත් ඔවුනට කඩිනම් සහන අවශ්‍ය බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ කථානායකවරයා විසින් 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීමකට අනුවය.

මීට ප්‍රථම පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසට නාමල් රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ගෙන් සහ කථානායක ජගත් වික්‍රමරත්න ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න