විධිමත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්න - සජිත් ප්‍රේමදාස

විධිමත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්න - සජිත් ප්‍රේමදාස

සියලු දෙනා ගේ ම වගකීම සහ යුතුකම වන්නේ විපතට පත් ජනතාව රැකබලා ගෙන ආරක්ෂා කිරීම වන අතර ඊට අමතරව මින් ඉදිරියට පවා ඔවුන්ට ආරක්ෂිත ජන ජිවිතයක් උදා කරවීමට කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් සියලු දෙනාම ඇප කැපවී කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව පිළිබඳ සොයා බැලීමට අද මාතලේ රත්තොට කයිකාවල ප්‍රදේශයේ සංචාරයක නිරත වූ මොහොතේ ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

නව ආපදා කළමනාකරණ සැලසුමක් අවශ්‍ය යි

ස්වාභාවික ආපදා හා විපත් අවම කර ගැනීම සඳහා ගත යුතු සියලුම පියවර මෙවර ආපදාවේදී ගත්තා ද නැද්ද කියා ප්‍රශ්න කල යුතු යි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 11 වැනි දා සිට රට සහ ජනතාව දැනුවත් කර ක්‍රමිකව මේ කාලගුණ තත්ත්වය අයහපත් වන බවට දැනුවත් කළා. අවසානයේ දින 10කට පසු සුළි කුණාටුවක් එන බවට පැවසුවා. මේ කාලයේ ජනතාව ඉවත් කර ජනතාවට අත්වන පීඩන අවම කරන්න, ආපදා සැලසුම් ක්‍රියාත්මක කරන්න, ආපදාවට ලක්වන ප්‍රදේශ නිසි පරිදි කළමනාකරණය කරන්න, හැකියාව තිබුන නමුත් රටේ ආපදා කළමනාකරණ සැලසුමක් ක්‍රියාත්මක නොවූ නිසා නව ආපදා කළමනාකරණ සැලසුමක් රටට අවශ්‍ය යි.

රාජ්‍ය යාන්ත්‍රණය උනන්දු නොවූයේ ඇයි...?

පුත්තලම සහ පොතුවිල් ප්‍රදේශවල ඩොප්ලර් රේඩාර් ඇති කර නවීනතම උපකරණවලින් සමන්විත කාලගුණ අනාවැකි ප්‍රකාශ කළ හැකි ජාතයන්තර මධ්‍යස්ථානයක් බවට අප රට පත් කර ගත යුතු යි. සුනාමිය සහ සුළි කුණටුවෙන් බැට කෑ නිසා කාලගුණ දේශගුණ විපර්යාසවලින් බැට කන නිසා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය යාවත්කාලීන කළ යුතු යි. එසේම ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය කර සිදුවිය යුතු සේම ආපදා කළමනාකරණ අමාත්‍යාංශය රේඛීය අමාත්‍යාංශයක් බවට පත් කර ආපදා කළමනාකරණ නිලධාරින් බිම් මට්ටමින් ඇති කර අවදානම් කළාප හඳුනා ගෙන ශක්තිමත් ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.11 වැනි දා සිට පුනපුනා ම මේ අයහපත් කාලගුණය ගැන විවිධ අනාවැකි පළ කර සිටින විට රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රීය වී ''මේ තත්ත්වය ගැන උනන්දු නොවූයේ ඇයි ද කියා ගැටලුවක් පවතිනවා.

ජීවත් වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක්

මේ ආපදාවෙන් හෝ පාඩම් ඉගෙන ගෙන අවතැන් වූ අය ආරක්ෂිත ප්‍රදේශවල නිශ්චිතව පදිංචි කිරිම වැදගත්. ජීවත් වීමට ජීවනෝපාය පවා ලබා දී ආදායම් මාර්ග ස්ථාපිත කර ජනතාව ජිවත් කරවන වැඩසටහනක් කරා යොමුවිය යුතු යි. අප රටේ මූලික අයිතිවාසිකමක් වන්නේ ජීවත් වීමේ අයිතිය යි. නිදහස් නිවහල් ජීවිතයක් ගත කරන්න හැකියාව තිබුණත් ඒ කිසිවක් අද නැහැ. ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපොහොසත් වී ඇති නිසා අනාගතයේ දී හෝ මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දීමට විධිමත් වැඩපිළිවෙළක් තිබිය යුතු යි.''

වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න