කඳුකර ප්‍රදේශවල පහළොස් දහසක් මරු කටේ !

කඳුකර ප්‍රදේශවල පහළොස් දහසක් මරු කටේ !

කඳුකර ප්‍රදේශවල ජීවත්වන පහළොස් දහසකට එම ප්‍රදේශවල ජීවත්වීම අවදානම් සහගත බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිල වශයෙන් දැනුම්දී ඇත.

කෙසේ වෙතත් දැනට මෙම ප්‍රදේශවලින් ඉවත් කර ඇත්තේ පන්දහසක පිරිසක් පමණක් බව එම ආයතන ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම පහළොස් දහසම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට දැනුම් දී භූමිය පරීක්ෂා කරවා ගත්තෝ වෙති.

මීට අමතරව මෙසේ පරීක්ෂාවට ලක් කර නොගත් අවදානමේ ඇති මෙවැනිම පිරිසක් කඳුකර ප්‍රදේශවල ජීවත් වන බව පෙනී ගොස් ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

(lankadeepa | සුජිත් හේවාජුලිගේ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න