ෆේස් බුක් සාදයට ආ දේශපාලන දියණිය ඇතුළු පිරිස ඇපමත මුදා හරියි !

ෆේස් බුක් සාදයට ආ දේශපාලන දියණිය ඇතුළු පිරිස ඇපමත මුදා හරියි !

තෙල්දෙණිය, කරල්ලියද්ද නව නගරයේ , වික්ටෝරියා ජලාශයට ආසන්න ස්ථානයක පිහිටි හෝටලයක, අයිෂ්, කුෂ්, හෙරොයින් සහ ත්‍රිල්නැමති මත් ද්‍රව්‍ය භාවිතා කරමින් ආපදා සමයේ මත් සාදයක් පවත්වමින් සිටි මහනුවර ප්‍රබල දේශපාලනාඥයකුගේ දියණිය ඇතුළු 27 දෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය අද සවස නියෝග කළේය.

සාදයට සහභාගී වූ තරුණ තරුණියන්ගෙන් 27 දෙනකුගෙන් යුත් කල්ලියක් තෙල්දෙණිය පොලිස් මූලස්ථානයේ පොලිස් කණ්ඩායමක් විසින් මත් ද්‍රව්‍යයද සමග සැකපිට අත් අඩංගුවට ගත් අතර ඒ අතර මහනුවර ප්‍රාදේශීය ප්‍රබල දේශපාළනඥයෙකුගේ (24) හැවිරිදි දියණියක ද සිට ඇති අතර ඇය මහනුවර සුපිරි බාළිකා විදුහලක ආදී සිසුවියක් බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මත් සාදය පවත්වා ඇත්තේ ෆේස්බුක් ඔස්සේ සන්නිවේදනය කර ඒකරාශී කරගත් තරුණ තරුණියන් පිරිසකි.

වැටලීමේදී අත් අඩංගුවට පත් තරුණ තරුණියන් කොළඹ සහ මහනුවර පදිංචි කරුවන් බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. සැකකරුවන් සියලු චෝදනාවලට වරද පිළිගැනිමෙන් පසු ඇපමත මුදා හැර

තෙල්දෙණිය පොලිස් මූලස්ථානය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් මෙම තරුණ කල්ලියට මත් ද්‍රව්‍ය සැපයූවන් පිළිබඳව⁣ද සෙවිමට පරීක්ෂණපවත්වයි.

( lankadeepa | ජේ.ඒ.එල් ජයසිංහ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න