රන්වල වෙනුවෙන් නීතිය නැමුවා ද ? සපුගස්කන්ද ඕඅයිසීට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක්

රන්වල වෙනුවෙන් නීතිය නැමුවා ද ? සපුගස්කන්ද ඕඅයිසීට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක්

සාමාන්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ ජිප් රථය අනතුරකට ලක් වීමෙන් පසු ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධව සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම විමර්ශනයේ දී නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වී තිබේද නැද්ද යන්න පිළිබඳව සොයා බලන බව පොලිසිය සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පැදවූ ජිප් රථය සපුගස්කන්ද තෙනිමුල්ල මංසන්ධිය ආසන්නයේ දී යතුරුපැදියක පසුපස ගැටී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවන්නේ පෙරේදා රාත්‍රියේ දී ය.

එහිදී මෝටර් රථයේ ගැටීමෙන් මාස හයක් වයසැති පිරිමි දරුවකු සහ කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලැබුහ.

මන්ත්‍රීවරයා බීමත්ව රිය පැදවූ බවට චෝදනා එල්ල වුවත් එම චෝදනාවෙන් නිදහස් වූයේය. එහෙත් එම ක්‍රියාවලිය තුළ ද ප්‍රශ්නගත අවස්ථා මතු වී තිබිණි.

මේ සම්බන්ධයෙන් අශෝක රන්වල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සහ රිය අනතුරක් සිදුකිරීම යන චෝදනා මතය.

පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදා හැරිනි.

( lankasara)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න