ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව අද රැස්විය.
ඒ, ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීය.
එහිදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කිහිපයක් ස්ථිර කෙරුණු අතර, ශ්‍රී ලංකා කාන්තා සහ තරුණ පෙරමුණේ සාමාජිකත්වය ලබාගත හැකි වයස් සීමාව අවුරුදු 16 දක්වා අඩු කර එය සම්මත කරගනු ලැබිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පත් කරගත් අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ද පත් කර ගැනීමට විධායක සභාව ඒකමතිකව තීරණය කළේය.
අවුරුදු 16න් ඉහළ ඕනෑම අයෙකුට පක්ෂ සාමාජිකත්වය ලබා ගත හැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සතුව තිබෙන අසීමිත බලතල සීමා කරමින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර ඇති බවත්, මෙහිදී පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා දැනුම් දුන්නේය.

