'විගණකාධිපති අර්බුදය' නිසා වර්ජනයක් අත ළග !

'විගණකාධිපති අර්බුදය' නිසා වර්ජනයක් අත ළග !

ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි විණනන නිධාරියකු විගණකාධිපති ලෙස පත්කරන්නට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සූදානම් වන බවත් එය කිසි සේත් ම නොකළ යුතු දෙයක් බවත් විශ්‍රාමික පොලිස් නිලධාරි අජිත් ධර්මපාල පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ IODPP Police you tube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අත් වූ ඉරණම කරා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ද තල්ලු කරන්නට කිසිවකු සූදානම් වන්නේ නම් තමන් ඇතුළ මේ ආණ්ඩුවට ආදරය කරන පිරිස ඊට එරෙහිව ගත හැකි සෑම පියවරක් ම ගන්නා බව  අජිත් ධර්මපාල අවධාරණය කළේ ය.

විගණකාධිපති පත්වීමේ ප්‍රමාදය පිටුපස විධායකයේ කූට උපායක් ද?
41 වන විගණකාධිපතිවරයා විශ්‍රාම ගොස් මාස අටකට වැඩි කාලයක් ගත වී තිබියදීත්, ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වීම සම්බන්ධයෙන් වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ  දැඩි කනස්සල්ලක් පළ කරයි. ඔවුන් චෝදනා කරන්නේ මෙම ප්‍රමාදය අහඹු දෙයක් නොව, විගණකාධිපති ධුරය විධායකයට යටත් කිරීමට දරන කූට දේශපාලන ප්‍රයත්නයක් බවයි.

වීජාපෙ සභාපති කපිල රේණුක පෙරේරාගේ අත්සනින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් මෙම කරුණු අනාවරණය කර ඇත.

 

හමුදා නිලධාරියෙකුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරයි
පසුගිය සිකුරාදා ( 12) ව්‍යවස්ථාදායක සභාව (CC) වෙත ඉදිරිපත් කරන ලද හමුදා නිලධාරියෙකුගේ නාමයෝජනාව කිසිසේත්ම පිළිගත නොහැකි බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ තරයේ ප්‍රකාශ කරයි.

ඔවුන් මතු කරන ප්‍රධාන ගැටලු

යෝජිත නිලධාරියා සතුව ඇත්තේ කෙටි කාලයක එක් ආයතනයක අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ ලෙස පළපුරුද්දක් පමණි. විගණකාධිපති ධුරයට අවශ්‍ය වන පුළුල්, බහුවිධ සිවිල් විගණන පළපුරුද්ද ඔහුට නොමැත.

ව්‍යවස්ථාමය වගකීම:
හමුදා අභ්‍යන්තර විගණනය විනය නීති පද්ධතියට සහ අණ දාමයට යටත් වන අතර, විගණකාධිපතිවරයා රාජ්‍ය මූල්‍ය නීති පද්ධතියට සහ ව්‍යවස්ථාදායක වගවීමට යටත් විය යුතුය.

ස්වාධීනත්වයට තර්ජනයක්:
හමුදා නිලධාරියෙකු අණට කීකරු වීම මත පුහුණු වී ඇති බැවින්, විධායක බලයෙන් ස්වාධීනව කටයුතු කිරීමට ඔහුට ඇති හැකියාව පිළිබඳව බරපතල සැකයක් පවතින බව පෙරමුණ පෙන්වා දෙයි.


"ජනාධිපතිවරයා අපේක්ෂා කරන්නේ ද තමන්ගේ අණට කීකරු වන නිලධාරියෙකු බව මෙම නාමයෝජනාවෙන් වඩාත් පැහැදිලි ය," එම නිවේදනයේ සඳහන් වේ.



විධායකයේ අවසන් උපාය මාර්ගය හෙළිදරව් වීම


ස්ථිර පත්වීමක් ප්‍රමාද කිරීම පිටුපස ඇති ජනාධිපතිවරයාගේ "සැබෑ අරමුණ" වීජාපෙ විසින් හෙළිදරව් කර ඇත:

ජ්‍යෙෂ්ඨත්වය මඟහැරීම: කිසිදු චෝදනාවක් නැති ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ස්ථිර කිරීම ප්‍රතික්ෂේප කරමින්, විධායකයට පහසුවෙන් පාලනය කළ හැකි පුද්ගලයින් සෙවීම.

වත්මන් ව්‍යවස්ථාදායක සභාවේ ධුර කාලය 2026 ජනවාරි 18 දිනෙන් අවසන් වන තෙක් ගැටලුව ඇදගෙන යාම.

අවසාන අරමුණ: නව ව්‍යවස්ථාදායක සභාවක් පත් වූ පසු, වත්මන් සභාව විසින් ස්වාධීනත්වය මත ප්‍රතික්ෂේප කරනු ලබන දේශපාලන හිතවතෙකු පත්කර ගැනීමට උත්සාහ කිරීම.


වෘත්තිකයින්ගේ ඉල්ලීම



වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා සිටින්නේ මෙම නොගැලපෙන නාමයෝජනාව ද ප්‍රතික්ෂේප කරන ලෙසයි.

ඔවුන් ජනාධිපතිවරයාගෙන් අවසන් ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ, වහාම දේශපාලන උපායමාර්ග නවතා දමා, විගණකාධිපති ධුරයේ ස්වාධීනත්වය හෑල්ලු නොකරන ලෙසයි.

"ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨත්වය සහ පිරිසිදුභාවය සලකා බලා, ව්‍යවස්ථාදායක සභාවෙහි අනුමැතිය ලබාගත හැකි සුදුසුම නිලධාරියා ස්ථිර පත්වීමක් සඳහා වහාම නම් කරන්න," යැයි වීජාපෙ සිය නිවේදනයෙන් අවධාරණය කරයි.

Screenshot 2025 12 15 093008
Screenshot 2025 12 15 093037
 
1
 
 
WhatsApp Image 2025 12 15 at 06.02.27
 
 
 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න