හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩී.එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩී.එස්. ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

1982 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ පාදඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වූ ඩී.එස් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ.

ලන්ඩනයේ දී   ඔහු ආභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසුවූ ඩී.එස්. ද සිල්වා 2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ජාතික කණ්ඩායමේ පළමු කණ්ඩායමට අයත් ක්‍රීඩකයෙකු වන ඩී.එස්. ද සිල්වා ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දරා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න