වැඩ ලොවේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 2019 වර්ෂයේ පවත්වන ලද ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108 වැනි සැසිවාරයේදී සම්මත කරනු ලැබ ඇති වැඩ ලොව තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (C190) එම කරුණ සම්බන්ධයෙන් ඇති කර ගනු ලැබ ඇති පළමු ජාත්‍යන්තර සම්මුතිය වශයෙන් සැලකේ.
එම සම්මුතිය 2021-03-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 2021-05-04 දින පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබ තිබේ.
එකී සම්මුතිය අපරානුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීම මඟින් පෞද්ගලික සහ අවිධිමත් රැකියා වැඩ බිම් තුළ පවතින ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර පිටු දැකීම, සුරක්ෂිත සේවා ස්ථාන වල සතුටින් සේවය කිරීම තහවුරු වීම මෙන්ම ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම කෙරෙහි ධනාත්මකව බලපානු ඇත.
ඒ අනුව, වැඩ ලොව තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම සඳහා සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා වන නෛතික විධිවිධාන හඳුන්වා දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
(lankadeepa | අංජුල මහික වීරරත්න)

