විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් මෙරටට සිදුකරන ප්‍රේෂණවල කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ නොවැම්බර් මාසයේ අවසානය වන විට රුපියල් කෝටි 215,910 (ඇමෙරිකානු ඩොලර් මිලියන 7, 197.1) ක විදෙස් ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
ඒ අනුව මේ වසරේ අවසානය වනවිට මෙරට ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ වටිනාකම වාර්තා කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළකරයි.
පසුගිය 2024 වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 6, 575.4ක විදෙස් ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙන අතර මේ වසරේ නොවැම්බර් මාසයේ අවසානය වනවිට විදෙස් ප්‍රේෂණ වටිනාකම කැපීපෙනෙන ලෙස වර්ධනය වෙමින් අමෙරිකානු ඩොලර් මිලියන 7, 197.1ක අගයක් වාර්තා කර තිබෙන බව ද මහ බැංකුව සඳහන් කරයි.

