e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිව ඩිජිටලර්කරණය කිරීම ජාතික ප්‍රමුඛතා උපාය මාර්ගයක් ලෙස රජය විසින් හඳුනා ගෙන තිබුණි.

එම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ මුල් අදියර ලෙස මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි නඩු ගොනු කළමනාකරණය හඳහා වෙබ් අඩවියක් සහ සබැඳි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (e-CMS) හඳුන්වාදී සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතී.

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා සංවර්ධනය කරන ලද අන්තර්ජාල වෙබ් අඩවිය සහ e-CMS පද්ධතිය, අභියාචනාධිකරණය, අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිශ්චයකාරවරුන්ගේ ආයතනය ඇතුළු දිවයින පුරා විහිදී ඇති සියලුම අධිකරණ සඳහා ද අනුවර්තනය කර යොදා ගැනීම e-Court ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරන අතර එමගින් ජාතික අධිකරණ දත්ත ජාලයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇත.

මෙමගින් මෙරට දීර්ඝකාලීනව මෙරට අධිකරණ පද්ධතිය මුහුණ දෙනු ලබන නඩු ප්‍රමාදයන්, දත්ත විනිවිදභාවය නොමැතිකම සහ යුක්තිය සඳහා කාලෝචිත ප්‍රවේශයට බාධා කිරීමේ හා ක්‍රියාපටිපාටිමය අකාර්යක්ෂමතා මගහැරවීමට හැකි වනු ඇති බවත් අපේකෂා කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය 2026-2030 රාජ්‍ය ආයෝජන වැඩසටහන හා ක්ලීන් ශ්‍රී ලංකා උපාය මාර්ග සමග අනුකූල වෙමින් e-Court ව්‍යාපෘතිය ඵලදායිව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදනවලින් e-Court ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න