කොළඹ වරායේ කාර්යක්ෂමතාව අඩු වුණොත් නැව් ඉන්දියාවට යෑමේ අවදානමක්

කොළඹ වරායේ කාර්යක්ෂමතාව අඩු වුණොත් නැව් ඉන්දියාවට යෑමේ අවදානමක්

කොළඹ වරායේ කාර්යක්ෂමතාව ඉහළ නංවා, නැව් ප්‍රමාදයන් අවම කර ආකර්ෂණීය සේවාවක් සැපයීමට අසමත් වුවහොත් එම නැව් ඉන්දියාවේ විෂින්ජම් වරාය වෙත යොමුවීමේ අවදානමක් පවතින බව ලංකා භාණ්ඩ හා සේවා ප්‍රවාහන සේවක සංගමය පවසයි.

එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම අභියෝගයට මුහුණ දීම සම්බන්ධයෙන් රජය වහා අවධානය යොමු කළ යුතු බවයි.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, මෑතකදී සංවර්ධනය කරන ලද විෂින්ජම් ජාත්‍යන්තර ගැඹුරු මුහුදු වරාය හේතුවෙන් ඉතිහාසයේ සිට කලාපීය නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ කොළඹ වරාය හිමි කරගෙන සිටි තත්ත්වයට දැඩි අභියෝගයක් එල්ල වෙමින් පවති.

විසින්ජම් වරාය පිහිටා ඇත්තේ කොළඹ වරායේ සිට කිලෝමීටර් 250ක් වැනි ආසන්න දුරකින්.

ගෝලීය වශයෙන් කාර්යබහුලම නැව් මාර්ගයක් වන නැගෙනහිර - බටහිර ජාත්‍යන්තර නැව් මාර්ගය සැලකීමේදී කොළඹ වරායට වඩා විෂින්ජම් වරාය ඊටත් ආසන්නව පිහිටා තිබේ.

කොළඹ වරායේ සමස්ත බහාලුම් මෙහෙයුම්වලින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට අදාළ භාණ්ඩ මාරුකිරීම්වලට සම්බන්ධ වන අතර විසින්ජම් වරාය ඉදිකර තිබෙන්නේ ඉන්දියාවේ පළමු ගැඹුරු මුහුදු භාණ්ඩ මාරු කිරීමේ වරාය ලෙසයි.

එබැවින් මේ දක්වා කොළඹ වරය හරහා සිදුවූ ඉන්දියානු භාණ්ඩ මාරුකිරීම් විශාල වශයෙන් මෙම වරාය වෙත මාරුවීමේ තර්ජනයක් පවති.

එවන් පසුබිමක කොළඹ වරායේ බහාලුම් තදබදය විසඳීම සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමුව නැතැයි ලංකා භාණ්ඩ හා සේවා ප්‍රවාහන සේවක සංගමය පවසයි..

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න