මාත් එකක් දෙකක් බයිලා ලිව්ව නිසා මේ ටික ලියලා රන්වල ජාතකේ ඉවර කරන්නම්.
ඒක ගැන එච්චර කැසිල්ලක් තියෙන්නෙ ඇයි කියලා කියනවනම් කියන්න තියෙන්නෙ, මේක මහින්ද ලොක්කට 2010 හම්බුණා වගේ හදනවනම් අමුතු ඇටේ හදන්න හම්බුන අන්තිම ගෝල්ඩන් ඔපචුනිටිය විදියට මම දකින නිසා. (කලින් නොපෙනී දැන් දැන් නාමල්ල සජිත්ල ලස්සනට පේන උන් ඉන්නවනම් ඇස් චෙක් කරගන්න. කොහොමත් එහෙ සෙට් එක අවුලක් නෑ. ලෝයල්ටිය තියෙන්නෙ ideology එකට මිසක් පුද්ගල වන්දනාවට නෙමේ නම් ඒකෙ කිසිම අවුලක් නෑ.) මේ රන්වල හාන්නේ අන්න ඒ ඔපචුනිටි එක. සෙන්සිටිව් වෙලා: අනුරල, ලාල්ලා, කාඩර් සෙට් එක අතෑරගන්නව වගේ පේන්නෙ ඒක. මිනිස්සු දුන්න ක්රෙඩිබිලිට් එකයි හාන්නෙ; නැතිකරගන්නෙ. ඒක ආපහු ගන්න හරි අමාරුයි.

අවුල අනතුර ම නොවේ
රන්වලගෙ ඇක්සිඩන්ට් එක ලොකු සීන් එකක් නෙමේනෙ. ඕක ඕනෙ එකෙක් අතින් වෙන්න පුළුවන් ටයිප් එකේ එකක්. මනුස්සය බීලා හිටියා වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. වාහෙනේ බ්රේක් නැතිවුණා වෙන්න පුළුවන්. පරණ ශෙවි කට්ටක්නෙ. බයික් එකක් බේරන්න ගිහින් වැදුණා වෙන්න පුළුවන්. ෂූමාකර් ඇවිත් මෙහෙ එළෙව්වත් ලංකාවෙ ඔහොම තමයි. අවුල තියෙන්නේ ඇක්සිඩන්ට් එකක් වුණ එකේ නෙමේ. අවුල තියෙන්නෙ පුතේ,
1.බිව්වෙ නැත්තන්, එහෙම සැකයි කියල එතනදිම අනික් මිනිස්සු කියනව නම්, තමන් පබ්ලික් ඉමේජ් එකක් තියන පොරක් නම්, ඇයි ටෙස්ට් එක බලෙන් හරි කරගත්තෙ නැත්තෙ? දැන් අඬල වැඩක් නෑ. පොලිසිය පිට ඕක දාල අත පිහගන්න පුළුවන් විදි දෙකයි. එක්කො බීලා හිටපු නිසා කරන්න එපා කිව්වා, නැත්තන් මෝඩ විදියට පොලිසිය බයේ කරන්න ඕනෙ නෑ කියද්දි හා කිව්වා. දෙකෙන් මොක උනත් වැඩක් නෑ. හාලා ඉවරයි. එක්කො රන්වලමයි, එක්කො පොලිසිය එක්කො දෙකම.
2.කාටහරි කියල ද ප්‍රෙශර් වැඩි උණා වගේ පොඩි කේස් එකකට කිරිබත්ගොඩ හැන්ඩ්ල් කරන්න බෑ කියලා NHSL වගේ තමන්ගෙ අය ඉන්න තැනට ට්‍රාන්සර් වුණේ? මම මෙඩිකල් ප්‍රොෆෙශනල් කෙනෙක් නෙමේ. අපි ඕවා කරනවා වෙන්න පුළුවන්, හැබැයි රන්වල ලොක්ක වගේ ශොට් එක හම්බෙලා ඉන්න පොරක් කළාම ඔය වගේ ට්‍රාන්සර් එකක් ඕක ටොපික් එකක් වෙනව තමයි.
3.ලොකුම සීන් එක අනික් ලොකු මිනිස්සුන්ට වගේ මහේස්ත්‍රාත් හොස්පිටල් එකට ඇවිත් (එහෙම කලේ නැත්තන් weekend එක එන නිසා) ඇප දීම. ඒකෙ අවුලක් නෑ නීතිමය provision එකක් තියන නිසා දන්න විදියට. හැබැයි ඒ විදිය මම දන්න තරමට සාමාන්‍ය මිනිස්සුන්ට වෙන විදිය නෙමේ. ඕකයි ලොකුම අවුල. හැමෝටම එකයි නීතිය කිව්ව ෆන්ඩමෙන්ටල් හාඩ්කෝර් සෙට් එකම කඩාගන්න එකයි අවුල.
4.අන්තිම එක "රන්වල හොඳ මිනිහෙකි" නිසා සේදීම. One of us වෙන්න පුළුවන් ලාල්ටයි ජෙපි සෙට් එකටයි. දුකේදි සැපේදි JVP එක එක්ක හිටිය වෙන්න පුළුවන්. හැබැයි බන් ඔතන 2% ඇති ජේවීපී කාඩර් එක (3% මම වගේ නොබැඳි උන් හිටිය කියල මට ශුවර්). උඹල දිනුවෙ උඹල කිව්ව දේවල් සහ ප්‍රතිපත්ති විස්වාස කරපු උන් නිසා. උන් පාවෙන චන්ද. මේක ලේසි ගේමක් නෙමේ. අපේ එකා බේරගන්න ගිහින් උඹ අතාරින්නෙ උඩ මම කිව්ව ගෝල්ඩන් ඔපචුනිටි එක. ඒ කියන්නෙ රට. අපරාදෙ බන්. ඒක "අපේ එකා"ට වඩා ගොඩාආආක් ලොකුයි. ලෝකෙ සාධාරණ නෑ. අතාරින්න ඉගෙනගන්න.

හීනමානය ගිය දුරක්
රන්වල වෙන නමකින් PhD එක කලා වෙන්න ඇති. NDTද BScද අරව ද මෙව්ව ද ජීවිතේ බේරගන්න කළා ද රට පැන්න නම මොකද්ද,පාස්පෝට් එක මොකද්ද, ID එක ලාච්චුවෙ ද, අරක ද, මේක ද, මොනව ද, කියන එක වැඩක් නෑ. උඹල (අපි) ඒව කතාකරගෙන වැඩකුත් නෑ මොකද එයාගෙ ජනතා විශ්වාසය public credibility එක නැති කරගෙන ඉවරයි. ඒක මුලින්ම වුණේ එයාගෙ ම හීනමානය නිසා. රන්වල රන්කඳක් වුණත් ඒක ආයෙ හරිගස්සන්න අමාරුයි ලාල්.
නොකියා ම බැරි වචන ටිකක්
අන්තිමට මේ පොඩ්ඩත් ලියල රන්වල ජාතකේ ඉවරකරන්නම්, ආයෙ කතාකරන්නෙ නෑ ඕක.
උඹලට මේ සීන් එක උඩ පරණ ලොට් එක මාරයි උන් මුන්ට වඩා හොඳයිනෙ යකොව් කියල පේනවනම් මම කියන්නෙ වීසා දාගෙන යමල්ල වෙන රටකට. හැබැයි පුතෝ මේක මෙහෙමම ignore කරන් ගියොත් ඒක වෙන දවසක් නැති වෙන්නෙත් නෑ.
Solution එකත් කියලම යන්නම්. ටිල්වින් ගැන හිතන්න. ඕක තමයි ලාල් මහත්තයො රන්වල වගේ "හොඳ මිනිහෙක්" ට public limelight එකෙන් පිට චාටර් වෙන්නෙ නැතුව හාන්නෙ නැතුව තියන්න පුළුවන් තැන. ඔතනින් අයින් කරල පැලවත්තෙ පුටුවක් හදල දෙන්න. රනිල්ට කරන්න තිබ්බෙත් ඕක. මහින්ද ඒක කරල හිටියනම් 2010 අදත් මිනිස්සු මල් තියල වඳින්නෙ.
රද්දගන්න එපා ආයෙ. වැරදි හරිගස්සන්න, මේ වගේ ගොන් පාට්වලට නාස්ති කරන්න කාලයක් රටක් විදියට අපිට නෑ.
ඔය ටික කලොත් අපිත් සතුටින්, ඔයාලත් සතුටින්.
-පහන් සංවේගයෙන්, පාවෙන ඡන්දයක්.
නිමි.
Nipuna Lakmal Weerakkody

