සජිත් ප්‍රේමදාස එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මෙරට සම්බන්ධීකාරක හමුවෙයි

සජිත් ප්‍රේමදාස එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මෙරට සම්බන්ධීකාරක හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත්  ජාතීන් ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක Mark Andre Franche අතර සුවිශේෂ හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ගංවතුර සහ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ දිනවල විදේශීය රටවල තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයින් සහ ප්‍රධානීන් හමුවිය. එහි එක් පියවරක් ලෙස එක්සත්  ජාතීන් ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක Mark Andre Franche හමුවිය.

මෙම හමුවීමේ දී දෙපාර්ශ්වය අත වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වූ අතර, එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පවතින පශ්චාත් ආපදා තත්ත්වය නිසා රට තුළ ඇතිව තිබෙන ගැටලු රැසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක Mark Andre Franche හමුවේ පෙන්වා දුන්නේ ය. මෙකී ගැටලු විසඳා ගැනීම සඳහා එක්සත්  ජාතීන්ගේ සංවිධානයට කළ හැකි උපරිම උපකාර සිදු කරන ලෙසත් මෙතෙක් කාලයක් රට වෙනුවෙන් දුන් සහයෝගයට ලක්ෂ 220 ජනතාව වෙනුවෙන් සිය ස්තූතිය සහ ගෞරවය පුදකර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න