මේ වසරේ දෙසැම්බර් මාසයේ අස්වැසුම වැඩිහිටි දීමනාව හෙට (18) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව රජය ප්‍රකාශ කරයි.
ඒ අනුව වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව ලෙස රුපියල් මිලියන 3081කට අධික මුදලක් ගෙවනු ලැබේ.
මෙම මුදල ප්‍රතිලාභීන් 616,346 ක් (හයලක්ෂ දහසය දහස් තුන්සිය හතලිස් හය) දෙනෙකුට හිමිවන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති සහ කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා පවසයි.
ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට හෙට (18) තමාට හිමි වැඩිහිටි දීමනාව අදාළ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැක.
(සටහන | ජේ.මුණසිංහ)

