ලෝක බැංකුවෙන් යෝධ හයියක්

ලෝක බැංකුවෙන් යෝධ හයියක්

සුළි කුණාටුවෙන් දැඩිලෙස හානියට පත් ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, රුපියල් කෝටි 3,600 (අමෙරිකානු ඩොලර් මිලියන 120)ක මුදලක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟතාව පළකර තිබේ.

ලෝක බැංකුව ව්‍යාපෘතිවලින් අරමුදල් නැවත භාවිත කිරීමෙන් ලබාගත හැකි හදිසි ආධාර වශයෙන් මේ මුදල ශ්‍රී ලංකාවට ලබාදෙන බව ලෝක බැංකුව ප්‍රකාශ කරයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ විනාශය පිළිබඳ ලෝක බැංකු සමූහය දැඩි ලෙස ශෝකයට පත්ව සිටින අතර, ආදරණීයයන්, නිවාස සහ ජීවනෝපායන් අහිමි වූ ජනතාව සහ දැවැන්ත දුෂ්කරතාවන්ට මුහුණදී සිටින ප්‍රජාවන් සමඟ සිටින බවද එම ජනතාවට සහාය ලබාදීමට ඉදිරිපත් වන බවද කියාසිටියි.

මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයන් දැක්වූ කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාව සහ ජීවිත බේරා ගැනීමට, යථා තත්ත්වයට පත්කිරීමේ උත්සාහයන් ආරම්භ කිරීම සඳහා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග අගය කරන බව පවසන ලෝක බැංකුව සුළි කුණාටුවෙන් දැඩිලෙස පීඩාවට පත් වූ ප්‍රදේශවල සෞඛ්‍ය සේවා, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ සම්බන්ධතාව ඇතුළු අත්‍ය-ශ්‍ය සේවා සහ යටි¬ල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට මෙම ප්‍රදානය සහාය වන බවද සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න