ඉන්දියානු ඖෂධ ප්‍රමිතියෙන් බාල දැයි සැකයක්...? – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

ඉන්දියානු ඖෂධ ප්‍රමිතියෙන් බාල දැයි සැකයක්...? – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

ඉන්දියානු ඖෂධ හිතුමතේ රටට ගෙන්විමට අවස්ථාව ලබා දී තිබෙනවා ද, එම ඖෂධ බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ඖෂධවලට වඩා ප්‍රමිතියෙන් බාල ද යන ප්‍රශ්නය මේ වන විට පැන නැගී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (17) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

පසුගිය අප්‍රියල් මාසයේ දී ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් අතර සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ද ගිවිසුම් දෙකක් අත්සන් කළ බවත්, මේ වන විටත් එම ගිවිසුම් මොනවා ද යන්න සම්බන්ධයෙන් කිසිවක් රටේ ජනතාව නොදන්නා බවත් මෙම සාකච්ඡාවේ දී වෛද්‍ය චමිල් විජේසිංහ අවධාරණය කළේ ය.

වීඩියෝ
ඉන්දියාවෙන් ආනයනය කරන ඖෂධ ප්‍රමිතියෙන් බාලයිද.?

ඉන්දියන් බාල ඖෂධ ගේන්න එපා කියල කෑගැහුවේ පෙරටුගාමී එක විතරයි |

අදටත් ඒ ගිවිසුම් ජනතාවට රහසක්
ඉන්දියන් ඖෂධ සම්බන්ධයෙන් මේවනවිට මතුව ඇති අන්දෝලනය සම්බන්ධයෙන් පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් Pubudu Jayagoda සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.
'' Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම නිෂ්පාදනය කළ තවත් ඖෂධ වර්ග ගණනාවක් ප්‍රමිතියෙන් බාල බව තහවුරු වී භාවිතයෙන් ඉවත් කරලා.

ලංකාවේ රෝගීන්ට ලබාදෙන ඖෂධ වල ගුණාත්මකභාවය සහතික කරන ක්‍රමවේදයක් තිබුණා.

කෙහෙලිය කළේ ඒ ක්‍රමවේදය එලෙසම තිබියදී හදිසි මිලදී ගැනීම් සහ ලියාපදිංචිය අත හැරීමේ ලිපි නිකුත් කිරීම හරහා ප්‍රමිතියෙන් බාල ඖෂධ වලට දොර විවෘත කිරීම.

ජාතික ජන බලවේග ආණ්ඩුව 2025 අප්‍රේල් 05 අත්සන් කළ ගිවිසුම් හරහා පවතින ක්‍රමවේදයම විකෘති කර, ඉන්දියානු ඖෂධ සමාගම් වලට බාධාවකින් තොරව හා පරීක්ෂාවකින් තොරව අපේ රෝගීන්ට ප්‍රවේශ වෙන්න පාර කපන බවට අප සැක කළා.

"අනුර - මෝදි හොර ගිවිසුම් ඉරා දමනු" කියා අප හඬ නැගුවේ ඒ නිසා. අදටත් ඒ ගිවිසුම් පවා ජනතාවට රහසක්. රහසිගතව තබන්නේ ඒවා පෙන්වීමට අසීරු තරමේ ප්‍රශ්නයක් ඇති නිසා.

අද ඒ අනතුරු ඇඟවීම් යථාර්ථයක් වෙමින් යනවා. නමුත් එය සිදුවන්නේ ජීවිත බිලිගනිමින්.

මේ විනාශයට ඉඩ නොදෙන ලෙස අප එදා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සට සහ මාලිමාවේ නියෝජිතයන්ට ආයාචනා කළා. මිනිස් ජීවිත අහිමි වීමෙන් පසුව මේවා කතා කර පලක් නැති බවත් කිව්වා.

මතු සබැඳියෙන් මැයි මාසයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කළ ඉල්ලීම බලන්න. විශේෂයෙන් මෙහි අවසන් කොටසේ අප රෝගී ජීවිත අවදානමේ නොදමන්නැයි ඉල්ලනවා.

හොඳටම ප්‍රමාද වුවත් දැන් මේ මොහොතේ හෝ මේ ගිවිසුම් ජනතාවට විවෘත කරන්න. මේවා හානිකර බවට සමාජ මතයක් තිබේනම් එම ගිවිසුම්වලින් ඉවත් වන්න...
වීඩියෝ

 

ඉන්දියාව සමග අත්සන් කළ සෞඛ්‍ය සේවා ගිවිසුම් නිසා මෙතරම් අර්බුදයක් ඇතිවීනම් ඉන්දියානු - ඇමරිකානු ආරක්ෂක ගිවිසුම් නිසා කොතරම් විශාල අර්බුදයක් ඇති වේවිද?

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න