පොලු පහර දෙන වීඩියෝවේ පොලිස් ලොක්කාට වැඩ වරදී

පොලු පහර දෙන වීඩියෝවේ පොලිස් ලොක්කාට වැඩ වරදී

පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට පොල්ලකින් පහරදීමේ සිද්ධියක් දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.


පොලිසිය මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කර තිබෙන අතර මෙම පහරදීම සිදු කරන පුද්ගලයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානධිපතිවරයා බවට අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මේ අතර පහරදීම කළ නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත මාරු කර යවා ඇති බවද වාර්තා වේ.

සැකකාර නිලධාරීයාට එරෙහිව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න