දිට්වා සුළි කුණාටුවෙන් පසුව අධිකරණ කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යෑම සඳහා පහසුකම් සපයමින් ලැප්ටොප් පරිගණක 24ක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාතයංශයට ලබා දීම අද (18) සිදු කෙරුණි.
එම ලැප්ටොප් අධිකරණ අමාත්‍යාංශයේ දී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය වෙත බාර දුන්නේ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහයෝගිතා ප්‍රධානී Dr. Johann H. Hesse සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනෙහි මෙරට ප්‍රධානී Mrs'Azusa Kubotaගේ ප්‍රධානත්වයෙනි.
මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ යුරෝපීය සංගමයේ මුල්‍ය අනුග්‍රහය යටතේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) අධිකරණ අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) යි.
පසුගියදා ඇතිවු හදිසි ආපදා තත්ත්වයේ දී අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවීම හේතුවෙන් එහි රඳවා සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරෙ වෙත මාරු කර යැවු අතර, ඔවුන් වෙනුවෙන් දුරස්ත වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු පවත්වා ගෙන යෑම සඳහා මෙම ලැප්ටොප් පරිගණක භාවිත කරනු ඇත.
මෙහි අරමුණ වී ඇත්තේ බන්ධනාගාර සහ අධිකරණ අතර වීඩියෝ සම්බන්ධතා පවත්වා ගනිමින් රැඳවියන්ට දුරස්තව පෙනී සිටීමේ අවස්ථාව ලබා දෙමින් ප්‍රවාහන අවදානම් සහ ප්‍රමාද අවම කිරීම ය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුරෝපා සංගමයේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනෙහි නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

