ඉතිහාසයේ සිට ම ස්වාමීන් වහන්සේලා රජවරුන්ට හරි මග පෙන්වා ඇති බවත්, රජවරුන්ට තරවටු කර ඇති බවත් සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අලුත්ගම බෝ සෙවණ පදනමට වසර 8ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවය සඳහා සහභාගී වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ දිලිත් ජයවීර...
''එදා ස්වාමීන් වහන්සේලා රජවරුන්ට දැඩිව කතා කළා. ඒ වෙන මොහොකටවත් නෙවෙයි, හරි මග පෙන්වීමේ වගකීම ඉතිහාසයේ ඉඳන්ම පැවරිලා තිබුණේ අපේ ගරුතර මහා සංඝරත්නයට නිසා. ස්වාමීන් වහන්සේලාට ගෞරව නොකර, පන්සල ජනතාව ගෙන් ඈත් කරලා මේ රට ඉදිරියට ගෙනියන්න කොහෙත්තම බැහැ.''

