හුන්නස්ගිරියේ නායයෑමකින් යටවූ තිදෙනා බේරා ගනී !

හුන්නස්ගිරියේ නායයෑමකින් යටවූ තිදෙනා බේරා ගනී !

මහනුවර හුන්නස්ගිරිය නගරය ආසන්නයේ සිදු වූ නාය යාමකින් පුද්ගලයකු තුවාල ලබා ඇත.

පස් කන්දක් කඩාවැටී ඔවුන් තිදෙනා වැළලී ගොස් සිටියදී ප්‍රදේශවාසීන් ඔවුන්ව බේරාගෙන දෙදෙනෙකු උඩුදුම්බර රෝහලටත්, එක් අයෙකු මහනුවර ජාතික රෝහලටත් ඇතුළත් කර තිබේ.

ප්‍රදේශයේ පැවති වර්ෂාපතනයත් සමග මෙම නායයෑම සක්‍රිය වි ඇති බව ද සඳහන් වේ.

දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවේ ඉන් නිවාස 3කට හානි සිදුවී ඇති බවයි.


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අනතුරු ඇඟවීමක්


උඩුදුම්බර සහ හුන්නස්ගිරිය කඳුකර ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනයෙන් පසු නායයෑම් අවදානම හේතුවෙන් මහනුවර-මහියංගනය මාර්ගයේ ගමන් කරන රියදුරන්ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

හුන්නස්ගිරියේ සිට මීමුරේ දක්වා මාර්ගය විශේෂයෙන් අවදානමට ලක්ව ඇති බවත්, මෑතකදී සිදු වූ නායයෑමකින් පසු එක් මංතීරුවක් පමණක් විවෘත කර ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ රිය පැදවීමේදී දැඩි ප්‍රවේශම් වන ලෙසයි.

ඊට අමතරව, ප්‍රදේශයේ පාසලක් තුළ ස්ථාපිත කර ඇති තාවකාලික ආරක්ෂක මධ්‍යස්ථානයක් නායයෑමේ තර්ජනයකට මුහුණදී ඇත.

සහකාර අධ්‍යක්ෂ රණවීරට අනුව, එහි සිටි සියලුදෙනා ආරක්ෂිතව වෙනත් ආරක්ෂිත ස්ථානයකට ගෙනගොස් තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න