සහකාර පොලිස් අධිකාරීවරුන් 11කට උසස් වීම්

සහකාර පොලිස් අධිකාරීවරුන් 11කට උසස් වීම්

සහකාර පොලිස් අධිකාරීවරුන් 11 දෙනකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝග මත ඉකුත් ඔක්තෝම්බර් මස 1 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස් වීම් ලබා දීඇත.

ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත ඩබ්ලිව්.එම්.පී.එම්.විජේසූරිය, වයි.ඩී.ඒ. කුමාර, ජේ.ආර්.ඒ.එස්. සෙනෙවිරත්න, කොළඹ මධ්‍යම කොට්ඨාසයට අනුයුක්ත මීනුර සෙනරත්, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ එච්.එම්.අයි.එස්. නිශාන්ත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත සී.ඩ්බ්ලිව් .එම්.ටී.එස්. සේමසිංහ, කේ.ඩී.බී.පී. කුමාර, ඩ්බ්ලිව් .ටී. අනුරංග, එච්.ආර්. වෙදමුල්ල, මහනුවර කොට්ඨාශයට අනුයුක්ත ජේ.ඒ.ඕ. රන්දික සහ නුගේගොඩ කොට්ඨාශයට අනුයුක්ත ඒ.එල්.ඒ.එල්. රංග යන සහකාර පොලිස් අධිකාරීවරුන් පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න