ආපදාවට ලක්වූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙන රුපියල් 25,000ක සහනාධාරය තමන්ට මෙතෙක් ලැබී නොමැති බව පවසමින් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් දහසකට අධික පිරිසක් ඊයේ විරෝධතාවක නිරත විය.
මේ හේතුවෙන් වනාතවිල්ලුව මාර්ගයේ ගමනාගමනයද පැය ගණනාවක් සම්පූර්ණයෙන්ම ඇණහිට තිබිණ.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මදීනානගර්, රහමත්නගර් සහ නිව්සිටි ඇතුළු ගම්මාන රැසක ජනතාව මෙලෙස විරෝධය පළ කළේ ආපදා තත්ත්වය තත්ත්වයෙන් විපතට පත් තමන්ට රුපියල් 25,000ක සහනාධාරය ප්‍රමාද වන බව පවසමිනි.
මෙම විරෝධතාව හේතුවෙන් පුත්තලම - පරණ මන්නාරම මාර්ගයේ වෙප්පමඩුව මංසන්ධිය සම්පූර්ණයෙන්ම අවහිර වූ අතර, වනාතවිල්ලුව මාර්ගයේ ගමනාගමනය පැය ගණනාවක් තිස්සේ සම්පූර්ණයෙන්ම ඇණහිට තිබිණ.
විරෝධතාකරුවන් පවසන්නේ රුපියල් විසි පන්දහසේ සහනාධාරය ලබාදෙන තුරු මෙම විරෝධතාව අවසන් නොකරන බවයි.

