කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් ආපදා සහනාධාර බෙදීමේ කටයුතුවලින් ඉවත් වී තිබේ.
ආපදා සහනාධාර බෙදීමේ කටයුතු වලදී සිය රාජකාරියට බාධා කරමින් පුද්ගලයින් පිරිසක් පහරදීම හේතුවෙන් මෙලෙස රාජ්‍ය නිලධාරීන් අදාළ කටයුතුවලින් ඉවත්වී ඇති බව සඳහන් වෙයි.
අදාළ නිලධාරීන්ට ආරක්ෂාව ලබා දෙන තුරු යළිත් ආපදා සහනාධාර බෙදාදීමේ කටයුතු සදහා සහභාගි නොවන බවට එම නිලධාරීන් තීරණය කර ඇති බව ශ්‍රි ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ සඳහන් කරයි.
මේ වන විට කල්පිටිය ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරියෙකු පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇති බවත්, තවත් නිලධාරියෙකු සාපරාධි බලහත්කාරය පෑම යටතේ කාන්තාවකට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බවත් වාර්තා වෙයි.
තවද, ග්‍රාමනිලධාරීන් පස් දෙනෙකු පමණ පහර කෑම්, තර්ජන කිරීම්වලට ලක් වී ඇතැයි ද වාර්තා වේ.

