රුපියල බාල්දුවීම හේතුවෙන් විදේශ ණය බර රු. බිලියන 703කින් ඉහළ යයි

රුපියල බාල්දුවීම හේතුවෙන් විදේශ ණය බර රු. බිලියන 703කින් ඉහළ යයි

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් පසුගිය මාස 15 තුළ ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 703කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඩොලරයක අගය රු. 19කින් ඉහළ

2024 ඔක්තෝබර් මස රු. 293ක් වූ ඩොලරයේ අගය මේ වන විට රු. 312 දක්වා (රු. 19 කින්) ඉහළ ගොස් ඇත.  2025 මැද භාගය වන විට ඇ.ඩො. බිලියන 37ක් වූ විදේශ ණය ප්‍රමාණයේ වටිනාකම මත එමගින් ඇති කර ඇති අතිරේක බර රු. බිලියන 703  [ඩො.බිලියන 37 වරක් රු. 19] කි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කඩිනම් මූල්‍යන උපකරණය (Rapid Financing Instrument) යටතේ ලබාදෙන ඩොලර් මිලියන 206ක පමණ මූල්‍යන පහසුකමට වඩා වැඩි පාඩුවක් රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් පමණක් සිදුවන බවයි. (එනම් IMF ඇ.ඩො.මිලියන 206 වරක් රු. 312  [රුපියලේ අගය])


විදේශ ණය බර අතිරේක රු.බිලියන 37කින් ඉහළට

මෙම තත්වය සරලව පැහැදිලි කළ හැක්කේ, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඒකක එකකින් අවප්‍රමාණය වන සෑම විටක ම විදේශ ණය බර අතිරේක රු.බිලියන 37කින් වැඩි වන බව ය.

2022 දී රුපියල අවප්‍රමාණය වීම සහ වෙනත් හේතු මත ආර්ථිකය කඩා වැටීමෙන් පසුව මහ බැංකු විනිමය අනුපාත අනුව ඩොලරය රු. 361 දක්වා ඉහළ ගියේය (වාණිජ්‍ය බැංකු ගණුදෙනු සඳහා එය සැබෑ විනිමය අනුපාතය රු. 400ක් පසුකර තිබුණි.).  පසුගිය රජයේ ආර්ථික කළමනාකාරණය හේතුවෙන්  ඩොලරය රු. 293 දක්වා ශක්තිමත් විය. පසුගිය මාස කිහිපය තුළ රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් පවතී.

ජනතාව මත තවදුරටත් සෘජු සහ වක්‍ර බදු

වැරදි ආර්ථික කළමනාකරණය සහ සෘජු විදේශ ආයෝජන ලබාගැනීමට අසමත්වීම, විදේශ ණය ප්‍රමාණය මෙළෙස අති විශාල ලෙස ඉහළ යෑමට හේතුවකි. අවසාන විග්‍රහයේ දී, රු. බිලියන 700ක් පමණ වන මෙම මුදල සපයා ගැනීමට සිදුවන්නේ ජනතාව මත තවදුරටත් පටවන සෘජු සහ වක්‍ර බදු මගිනි.
2025 මාර්තු මස ඩො.මි. 6,531ක් වු විදේශ සංචිත 2025 නොවැම්බර් මස මිලියන 6,033 දක්වා මාස අට තුළ මිලියන 498 කින් පහත වැටී ඇතැයි ද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.



Screenshot 2025 12 22 092412

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න