හතරවෙනි වතාවටත් අනුරගේ විගණකාධිපති ප්‍රතික්ෂේප වෙලා !

හතරවෙනි වතාවටත් අනුරගේ විගණකාධිපති ප්‍රතික්ෂේප වෙලා !

මීළඟ විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද ඕ. ආර්. රාජසිංහගේ නමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය බදාදා පැවති රැස්වීමේදී අගමැතිනි හරිනි අමරසූරිය විසින් ඔහුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කර තිබිණ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ජනාධිපතිවරයාගේ නාමයෝජනාවට පක්ෂව සාමාජිකයන් හතර දෙනකු පමණක් ඡන්දය දුන් අතර පස් දෙනෙක් විරුද්ධව ඡන්දය දි ඇත.

ඕ. ආර්. රාජසිංහ ශ්‍රී ලංකා හමුදාවේ සේවය කරන නිලධාරියකු සහ හමුදාවේ විගණන අංශයේ සාමාජිකයෙකි.

ඕ. ආර්. රාජසිංහගේ නම ප්‍රතික්ෂේප කිරීමත් සමග විගණකාධිපති ලෙස ස්ථිර හෝ වැඩබලන තනතුරක සේවය කිරීම සඳහා ජනාධිපතිවරයා පසුගිය මාස අට තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කළ නාමයෝජනා හතරක් ව්‍යවස්ථා සභාව විසින් මෙසේ ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය සති දෙක තුළ දෙපාර්තමේන්තුවට වැඩබලන විගණකාධිපතිවරයකු පත්කර නොමැති අතර එමගින් ජාතික විගණන කාර්යාලයේ කටයුතුවලට දැඩි බාධා ඇති වි තිබේ.

විගනකාධිපති වැඩේ කල් යන්නේ අත යට ගේමක් නිසාද?

ලබන ජනවාරි මාසයේදී ව්‍යවස්ථාදායක සභාවේ කාලසීමාව අවසන් වීමට නියමිත නිසා විගණකාධිපතිවරයා පත්කිරීමේ කටයුතු ඒ දක්වා කල්දැමීමට කටයුතු කරමින් සිටින බවට සැකයක් මතුවී ඇතැයි යම් යම් පාර්ශව චෝදනා කරති.

විගණකාධිපති ධුරයේ සඳහා ජනාධිපතිවරයා විසින් එවනු ලැබූ නම් සියල්ලම මේ වනවිටත් ව්‍යවස්ථා දහයක සභාව විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී මෙවැනි ආකාරයේ බලතල සහිත ව්‍යවස්ථාදායක සභාවක් එම ආණ්ඩුව විසින් නිර්මාණය කළේ ජනාධිපතිවරයා විසින් සිදුකරන රජයේ ඉහළ නිලධාරීන් පත්කිරීමේදී යම් විනිවිදභාවයක් සහිතව දේශපාලන පත්වීම්වලින් තොර රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහාය. එහිදී ජනාධිපතිවරයාගේ නියෝජිතයන් මෙන්ම විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂ නියෝජිතයන්ද ඊට ඇතුළත් කළ අතර, සමාජය පිළිගත් සිවිල් සමාජය නියෝජනය කරන ස්වාධීන නියෝජිතයන් තිදෙනකුද ඊට ඇතුළත් කිරීමට පියවර ගැනිණි.

ඒ අනුව, මේ වනවිට ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය ලබන ජනවාරි මාසයේදී අවසන් වීමට නියමිතව ඇති බැවින් බොහෝ දෙනා සැක කරන්නේ එහිදී ව්‍යවස්ථාදායක සභාවේ බහුතර බලය ආණ්ඩුවට ලැබෙන ආකාරයට පත්වීම් සිදුකොට තමන්ට අවශ්‍ය විගණකාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙසේ කල් මරමින් සිටින බවකි.

විගණන කොමිෂන් සභාවේ කටයුතු කර ගෙන යන්න සභාපතිවරයෙක් නෑ..නිලධාරින්ගේ උසස්වීම් ස්ථාන මාරුවීම් සියල්ල ඇනහිටලා..අඩුම තරමේ 2026 වසරේ මූල්‍ය බලතල බෙදා දෙන්නවත් අධිකාරි බලය තියෙන නිලධාරියෙක් නෑ..


adaharaya1



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න