විශ්වවිද්‍යාල පීඨාධිපති - අංශාධිපති පත් කිරීම් දේශපාලනීකරණය භායානක අනතුරකි

විශ්වවිද්‍යාල පීඨාධිපති - අංශාධිපති පත් කිරීම් දේශපාලනීකරණය භායානක අනතුරකි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාලවල පිඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් පත් කිරීම අත්හිටුවීමට දැනුම් දී ඇත.

මෙරට ව්‍යවස්ථාපති නීතියක් වන 1978 අංක 16 දරණ විශ්වවිද්‍යා ප්‍රතිපාදන කොමිෂන් සභා පනත මගින් ස්ථාපනය කර ඇති ප්‍රතිපාදන අකර්මන්‍ය කිරීම නීති විරෝධී වන අතර ම, ක්‍රම විරෝධී ද වේ. විශ්වවිද්‍යාල පාලක සභා වෙත ලැබී ඇති බලතල ප්‍රකාරව ස්ථාපනය වී ඇති ස්වාධීන විශ්වවිද්‍යාල පද්ධතියේ ක්‍රියාකාරීත්වයට  මෙම තීරණය බලවත් අගතියකි.

 2016 අංක 17 දරන විශ්වවිද්‍යාල පනතින් සංශෝධිත, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 49වන වගන්තියේ (1) උප වගන්තිය යටතේ පීඨාධිපති තනතුරට පත් වීම සඳහා යෝජිත සුදුසුකම් සහ පනතේ 51වන වගන්තියේ (1) උප වගන්තිය යටතේ අධ්‍යයන අංශ ප්‍රධානියෙකු ලෙස පත් කිරීම සඳහා වන සුදුසුකම් සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටී.

විශ්වවිද්‍යාලවල අධ්‍යයන නිදහස නිර්ධන ලෙස සීමා කෙරේ

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිණි අමරසූරිය විසින් යෝජනා කර ඇති මෙම සංශෝධනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන නිදහස නිර්ධන ලෙස සීමා කරන්නේ ය. සමස්ත විශ්වවිද්‍යඨාල පද්ධතිය ලැජ්ජා සහගත දේශපාලනීකරණයකට යොමුවන අතර ස්වාධීනත්වය අහිමි කරන්නේ ය.  

එමගින් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට සිය අභිමතය පරිදි පීඨාධිපතිවරුන් ද, අංශාධිපතිවරුන් ද ඉවත් කළ හැකි වන්නේ ය. මෑත භාගයේ දී උපකුලපතිවරුන් ඉවත් කිරීමට මෙලෙස ම දේශපාලන මැතිවහත්වීම් සිදු ව ඇත. ජ්‍යෙෂ්ඨත්වය හෝ පරිපාලන අත්දැකීම් නොසලකා දේශපාලන අවශ්‍යතාව මත සිය අතවැසියන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සෑම වැදගත් තනතුරකට ම පත් කර ගැනීමට අවස්ථාව සැලසෙන්නේ ය.

දේශපාලන අවශ්‍යතාව මත රූකඩ පාලනයක්

2016 අංක 17 දරන විශ්වවිද්‍යාල පනත මගින් විශ්වවිද්‍යාල පද්ධතියේ ස්වාධීන පැවැත්මට ලබා දී තිබු ඉඩ ප්‍රස්ථාව මෙමගින් උල්ලංඝණය වන අතර දේශපාලන අවශ්‍යතාව මත රූකඩ පාලනයක් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබෙන්නේ ය.  

ශ්‍රාස්ත්‍ර නිදහස හා විශ්වවිද්‍යාල ස්වාධීනත්වය විනාශ කරන නව සංශෝධන පරාජයට පත් කිරීමට, නිදහස් අධ්‍යාපන හිමිකම ගරු කරන සෑම පාර්ශවයකට එකතු වන ලෙස Free Lawyers සංවිධානය ඉල්ලා සිටී.


(ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ අතුල ද සිල්වා)


Free Lawyers විධායක සභාව වෙනුවෙනි

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න