වෙළඳ අමාත්‍යවරයා ගේ අධ්‍යාපන සුදුසුකම් වහා ම රටට හෙළි කරන්න - නව ජනතා පෙරමුණ පක්ෂ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග

වෙළඳ අමාත්‍යවරයා ගේ අධ්‍යාපන සුදුසුකම් වහා ම රටට හෙළි කරන්න - නව ජනතා පෙරමුණ පක්ෂ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග

තමන් ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව විවිධ අදහස්  සමාජය තුළ කතා බහට ලක් වී ඇති බැවින් ඒ පිළිබඳව සත්‍ය තොරතුරු රට හමුවේ හෙළිදරව් කිරීමේ අරමුණින් 2005 ඔක්තොම්බර් මස 01 වන දින මීට ප්‍රථම  ලිපියක් බාර දුන් නමුත්  මාස දෙකක් ගත වී ඇතත් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් මේ වනවිට ලැබී නැති බැවින් නැවතත් ඒ පිළිබඳව තොරතුරු විමසා අද දින විභාග දෙපාර්තමේන්තුවට ලිපියක් බාර දුන්නේ යැයි නව ජනතා පෙරමුණ පක්ෂ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව නිවරදිතාව තහවුරු කර ගැනීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුවට ලිපියක් බාරදීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උපතිස්ස කුමාරතුංග...

වෙළඳ අමාත්‍යවරයා ගේ අධ්‍යාපන සුදුසුකම් සත්‍ය ද?

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සාමාන්‍ය පෙළ විභාගය සමත්වී  උසස්පෙළ හැදෑරීම සඳහා වාණිජ විෂය ධාරාව තෝරා ගෙන තියෙනවා. සා.පෙ.ළ ඉහළ සමාර්ථ ප්‍රතිඵලයක් ලබා ගත් ඔහු දිස්ත්‍රික්කය තුළ තුන්වෙනියා (Rank -  No 3) ලෙස තේරීපත් වී ඇති බව කියනවා. එම ප්‍රතිඵලය හේතුවෙන් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත් වී ඇති බවත් උපාධිධාරියකු ලෙස කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස්  අධ්‍යාපන කටයුතු අවසන් කර ඇති බවත් අප දන්නා කරුණක්. නමුත් මේ පිළිබඳ නිවරදි තොරතුරු රටට හෙළි කිරීම වඩාත් උචිත බව අපගේ අදහසයි.

 මේ අනුව 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව අප විසින් මෙවැනි කරුණු විමසා සිටියා.

1. වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ අ.පො.ස උසස් පෙළ (Advance Level) වාණිජ විෂය ධාරාවෙන් (Commerce) හදාරා තිබේ ද?

2. ඔහු ලබා ගත් දිස්ත්‍රික්ක ප්‍රතිඵලය අංක 03 ද? (Districk Rank ) යන්න.

පාපසි නායකයින් තව දුරටත් ජනතාව ගොනාට අන්දවමින් සිටිනවා

ඒ වගේම අප දන්නවා "දිට්වා" සුළි කුණාටුව නිසා මේ රටේ තොකරම් ව්‍යසනයක් සිදු වු වා ද කියලා. විශාල පිරිසක් අවතැන් වුණා ,ගෙවල් විනාශ වුණා, විශාල ජීවිත පිරිසක් රටට අහිමි වුණා. කඩාවැටුණු ජීවිත යළි නගාසිටුවීමට මෙන්ම විනාශ වූ මාර්ග, බෝක්කු, ඇළ මාර්ග නැවත ගොඩනැංවීමට ද වසර කිහිපයක් මේ රටට ගත වේවි. නමුත් මාලිමා ආණ්ඩුවේ පිරිස බලය ලබා ගැනීමේ දී ප්‍රකාශ කර සිටියේ වැටුප් එපා, ඉන්ධන එපා, වාහන එපා කියලා. වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විතරක් මේ වනවිට වාහන තුනක් භාවිතා කරනවා. වැටුප් හා ඉන්දන දීමනා ලබා ගන්නවා. මෙලෙස  ජනතා බදු මුදලින් නඩන්තු වන පාපසි නායකයින් සුර සැප විදිමින් ජනතාව තව දුරටත් ගොනාට අන්දවමින් සිටිනවා.

මල්පැළ වල්පැළ වෙද්දි ඒ වල් පැළ ගංජා පැළ වෙලා

සිදු වු ව්‍යසනයෙන් බිලියන 07ක පාඩුවක් සිදු වෙලා තියෙනවා. තවම බිලියන බාගයක මුදලක් පමණයි සොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. බදුල්ල දිස්ත්‍රික්කය විතරක් ගත්තොත් දහස් ගාණක් ජනතාව පස් යට වැළලිලා ඉන්න වෙලාවක අඩි 10 ක් දිග රේල් පාරක් හදලා පාපිසි ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු බාල් ඩන්ස් දානවා. අපි කියන්න කැමති මේ පාපිසි ආණ්ඩුවේ පිරිසට  රටේ අහිමි වු දහස් ගාණක ජීවිත වල මෘත දේහත් මරන්න එපා කියලා.

මොවුන් කියනකොට එක විදිහක් වගේ ම කරනකොට තව විදිහක්. කාටත් පොදු නීතිය ක්‍රියාත් මක කරන බව පැවසු මාලිමා ආණුඩව අද රන්වල මහත්තයාට වෙනුවෙන් තවමත් නීතිය ක්‍රියාත්මක කරේ නෑ. ඒ වගේ ම මල්පැළ වල්පැළ වෙද්දි ඒ වල් පැළ ගංජා පැළ වෙලා. මාලිමා ආණ්ඩුවේ රත්නපුර පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ ගංජා හේන් වගාවට නීතිය ක්‍රියාත්මක කළ රජයේ පොලිස් නිළධාරියාට පහර දීලා මේ වනවිට පැය 24 ක් ගත වෙලා තියෙද්දීත් ඔවුන් වෙනුවෙන් තවම නීතිය ක්‍රියාත්මක කරලා නෑ.

මෙලෙස මාලිමා ආණ්ඩුවේ දෙබඩි පිළිවෙත තුළින් තව දුරටත් මේ රටේ ජනතාව ගොනාට ඇන්දවිය නොහැකි බව අපි තරයේ ප්‍රකාශ කර සිටිනවා. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න