බැක්ටීරියා සහිත එන්නත් 2,70,000ක් රෝහල් පද්ධතියෙන් ඉවත් කරලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

බැක්ටීරියා සහිත එන්නත් 2,70,000ක් රෝහල් පද්ධතියෙන් ඉවත් කරලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රෝහලේ දී සිදු කළ මූලික ක්ෂුද්‍රජීවී පරීක්ෂණයක දී බැක්ටීරියා අන්තර්ගත එන්නත් 270,000ක් රෝහල් පද්ධතියෙන් ඉවත් කර ඇතැයි විපක්ෂ නායකවරයා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ බාල ඖෂධ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකයා...

රටට ඇත්ත හෙළි කරන්න

''වමනය ක්ලාන්තය ඔක්කාරය අවම කිරීම සහ වැළැක්වීම සදහා ලබා දෙන එන්නතක් විෂවීම නිසා පසුගිය දිනක හබරකඩ සහ මතුකඩ ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු අයි. ඩී. එච්. රෝහලේ දී අසාධ්‍ය ලෙස රෝගාතුර වි ජීවිත අහිමි වෙලා. මහනුවර රෝහලේ දී සිදු කළ මූලික ක්ෂුද්‍රජීවී පරීක්ෂණයක දී එන්නත්වල බැක්ටීරියා තිබුණ කියල ඔප්පු වෙලා. මේ නිසා ඖෂධ නියාමන අධිකාරිය ආනයනය කළ එන්නත් 270,000ක් රෝහල් පද්ධතියෙන් ඉවත් කරලා. සෞඛ්‍ය අමතිවරයා සහ රජය විසින් මේ සඳහන් තොරතුරු කරුණු කාරණා ගැන ඇත්ත රටට හෙළිදරව් කළ යුතු යි. මේ එන්නත් මිල දි ගැනීම හදිසි මිල දී ගැනීමක් ද? මෙහි ගුණාත්මකභාවය පරීක්ෂා කළ ද? මේ පරීක්ෂණ සමත් ද අසමත් ද කියා දැන ගැනීමට අවශ්‍ය යි. අප රටේ ඖෂධ එන්නත්වල ගුණාත්මකභාවය පරීක්ෂා කරන්න ඇති ක්‍රමවේදය ආදිය ගැනත් ජීවිත 2ක් අහිමි වූ සිදුවීම් ගැන රජයේ වෛද්‍ය නිලධාරින්වරුන් ඉදිරිපත් කරන මතයට රජය රජය ඉදිරිපත් කරන ප්‍රතිචාරය දැන ගැනීමටත් අවශ්‍ය යි.

බිබිලේ ප්‍රතිපත්තිය නමට පමණක් ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් ක්‍රමවේද ඇති රසායනාගාර පහසුකම් අප රට තුළ තියෙනව ද? ඒ වගේ මලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත් රසායනාගාර පහසුකම් ස්ථාපිත කරන්න රජය අයවැය දෙකකදී ගත් පියවර ඉදිරිපත් කරන්න. මේ ගැටලුවලට රජය පිළිතුරු දිය යුතු යි. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය අකුරටම පිළිගන්නවා. බාල ඖෂධ වංචාව ගැන රට ඉදිරිපත් කර විශ්වාසභංගවලට පවා අපි නායකත්වය දුන්නා. වෛද්‍ය චමල් සංජීව සහ කාවින්ද ජයවර්ධන මේ වෙනුවෙන් දැවැන්ත සටනක් ගෙන ගියත් පසුගිය දිනක බොරු අසත්‍ය පුවතක් ගෙන යමින් මොවුන් ඖෂධ ගැන ඉදිරිපත් කරන මතය සමගි ජන බලවේගයේ මතය නොවන බවට පෙන්වා දුන්නා. මෙරට බාල බෙහෙත් වංචාව ක්‍රියාත්මක වන විට නමට පමණක් සේනක බිබිලේ ප්‍රතිපත්තිය පිළිගත් අය බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරමින් යනවා.

එසේම මේ එන්නත් නිසා සිදු වූ මරණ දෙක ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර තවදුරටත් අප රටේ බාල ඖෂධ එන්නත් මාෆියාව ක්‍රියාත්මක වීමට විරුද්ධව කටයුතු කළ යුතු යි. එසේ නොකළහොත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වගකීම් පැහැර හැරිය ලෙස සලකන්න වෙනවා. ලක්ෂ 220ක් ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය සුරක්ෂිත වන ආකාරයට එය මානව හා මූලික අයිතියක් ලෙස දකින සමගි ජන බලවේගය මේ වෙනුවෙන් අදත් පෙනී සිටිනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න